ජපාන අභ්යවකාශ ගවේෂණ ආයතනය වන ජැක්සා (JAXA) ආයතනයට අයත් හයාබුසා-2 අභ්යවකාශ යානය මගින් පෘථිවියේ සිට සැතපුම් මිලියන 62ක් දුරින් පිහිටි ‘ටොරිෆුන්’ නම් ග්රහකය අසලින් ගමන් කරමින් එහි විශ්මිත ඡායාරූප කිහිපයක් ලබා ගැනීමට සමත් වෙලා තියෙනවා. මීටර් 450ක් පමණ විශාල මෙම ග්රහකය දෙසට යානය ඉතා වේගයෙන් ගමන් කරමින් මෙම දත්ත ලබා ගත්තේ ඉතාමත් අවදානම් සහගත මෙහෙයුමකින් පසුවයි. මෙම ඡායාරූපවලින් ග්රහකයේ පෘෂ්ඨයේ උෂ්ණත්වය සහ එහි ස්වභාවය පිළිබඳව විද්යාඥයින්ට අලුත් තොරතුරු රැසක් දැනගන්න ලැබී තිබෙනවා.
හයාබුසා-2 යානය මීට පෙර රියුගු ග්රහකයෙන් සාම්පල පෘථිවියට ගෙන ඒමට සමත් වූ අතර, එම සාම්පලවලින් ජීවයේ මූලිකාංග වන DNA සහ RNA වල අඩංගු මූලිකාංග සොයා ගැනීමටත් විද්යාඥයින්ට හැකි වුණා. මේ වන විට මෙම යානය සිය 12 වසරක සාර්ථක ගමන තවදුරටත් ඉදිරියට ගෙන යමින් සිටිනවා. ඔවුන්ගේ මීළඟ ඉලක්කය වන්නේ 2031 වසරේදී ඉතා කුඩා ග්රහකයක් වන ‘1998 KY26’ වෙත ළඟා වී එය ගවේෂණය කිරීමයි. අභ්යවකාශයේ සැඟවී ඇති මෙවැනි කුඩා ග්රහකවල ව්යුහය සහ ඒවා සෑදී ඇති ආකාරය ගැන තවදුරටත් අධ්යයනය කිරීම මෙම මෙහෙයුමේ ප්රධාන අරමුණ වෙලා තියෙනවා.

Discussion & Feedback