ජපානය විසින් අඟහරු ග්රහයාගේ චන්ද්රයන් වන ෆෝබෝස් සහ ඩීමෝස් ගවේෂණය කිරීම සඳහා අතිවිශේෂ මෙහෙයුමක් දියත් කිරීමට සූදානම් වෙනවා. මේ සඳහා යොදාගන්නා MMX අභ්යවකාශ යානය පසුගියදා ටැනෙගෂිමා අභ්යවකාශ මධ්යස්ථානයේදී ප්රදර්ශනය කෙරුණා. සියල්ල සැලසුම් කළ පරිදි සිදුවුවහොත්, එළඹෙන ඔක්තෝබර් 19 වැනිදා මෙම යානය අභ්යවකාශගත කිරීමට ජපාන අභ්යවකාශ ගවේෂණ ඒජන්සිය වන JAXA කටයුතු යොදා තිබෙනවා. මීට පෙර H3 රොකට්ටුවේ ඇතිවූ තාක්ෂණික ගැටලු නිසා මෙම මෙහෙයුම කල් දැමීමට සිදුවූවත්, දැන් ඔවුන් ඒ සඳහා සම්පූර්ණයෙන්ම සූදානම්.
මෙම මෙහෙයුමේ විශේෂත්වය වන්නේ ෆෝබෝස් චන්ද්රයා මතට ‘අයිඩෙෆික්ස්’ නමැති කුඩා රොබෝ යානයක් ගොඩබස්වා එහි මතුපිට පරීක්ෂා කිරීමයි. ඉන්පසුව ප්රධාන යානය මගින් ෆෝබෝස් චන්ද්රයාගේ පස් සහ පාෂාණ සාම්පල එකතු කරගෙන 2031 වසරේදී පෘථිවියට රැගෙන ඒමට නියමිතයි. අඟහරුගේ චන්ද්රයන් නිර්මාණය වූයේ කෙසේද යන්න පිළිබඳව පවතින ගැටලු රැසකට මෙමගින් පිළිතුරු සොයාගත හැකි වනු ඇතැයි විද්යාඥයන් විශ්වාස කරනවා. මෙතෙක් කිසිදු රටක් අඟහරු පද්ධතියකින් සාම්පල සාර්ථකව පෘථිවියට ගෙනවිත් නොමැති නිසා, ජපානයේ මෙම උත්සාහය අභ්යවකාශ ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් වනු නොඅනුමානයි.

Discussion & Feedback