ජපානයේ ස්ථිර පදිංචිය ලබාගැනීම සඳහා අය කරන ගාස්තුව විශාල ලෙස ඉහළ දැමීමට එරට බලධාරීන් පියවර අරන් තියෙනවා. කලින් යෙන් 10,000ක් වුණු මේ ගාස්තුව දැන් යෙන් 200,000ක් දක්වා වැඩි කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඇමරිකානු ඩොලර් 63ක් වගේ මුදලක් ගෙවන්න වුණු තැන, දැන් ඩොලර් 1270ක වගේ විශාල මුදලක් ගෙවන්න සිද්ධ වෙනවා. මේ නව ගාස්තු සංශෝධනය පසුගිය ඔක්තෝබර් පළමුවැනිදා ඉඳන් බලාත්මක වුණා. ස්ථිර පදිංචියට අමතරව පදිංචි වීසා බලපත්ර දීර්ඝ කිරීම සහ වෙනස් කිරීම සඳහා අය කරන ගාස්තුත් මේ විදිහට ඉහළ දාලා තියෙනවා.
මේ හදිසි ගාස්තු වැඩි කිරීමත් එක්ක ජපානයේ ඉන්න විදේශිකයන් අතර ලොකු කලබලයක් ඇති වුණා. ගාස්තු වැඩි වෙන්න කලින් තමන්ගේ අයදුම්පත් බාර දෙන්න ටෝකියෝ නුවර ආගමන විගමන කාර්යාලය ඉදිරිපිට පැය හතහමාරක් විතර දිග පෝලිම්වල මිනිස්සු ඉන්න හැටි දකින්න ලැබුණා. සැප්තැම්බර් 30 වැනිදාට කලින් අයදුම්පත් බාර දුන්න අයට නම් පරණ ගාස්තු යටතේම වැඩේ කරගන්න අවස්ථාව ලැබුණා. හැබැයි ආර්ථික අපහසුතා තියෙන අයට සහ විශේෂ අවස්ථා තියෙන අයට මේ ගාස්තු අඩු කරගන්න හෝ සහනයක් ලබාගන්න රජයෙන් අවස්ථාව දීලා තියෙනවා. කොහොම වුණත්, ජපානයේ පදිංචි වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න බොහෝ දෙනෙක්ට මේ තීරණය ලොකු බලපෑමක් වෙලා තියෙනවා.

Discussion & Feedback