හොලිවුඩ් සිනමාවේ ජනප්රිය නළු ජේමි ෆොක්ස් රංගනයෙන් දායක වන අලුත්ම ක්රියාදාම චිත්රපටය ‘ඩෙඩ්ලොක්ඩ්’ (Deadlocked) ගැන මේ දවස්වල ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා. ඇමසන් එම්.ජී.එම්. ස්ටූඩියෝස් හරහා ලොව පුරා ප්රේක්ෂකයන්ට නැරඹීමට අවස්ථාව ලැබෙන මේ චිත්රපටය අධ්යක්ෂණය කරන්නේ ඉන්දීය සිනමාකරුවෙක් වන නිඛිල් භාත්. ඔහු මීට පෙර ‘කිල්’ (Kill) වැනි සාර්ථක චිත්රපට නිර්මාණය කරලා තියෙන නිසා මේ නිර්මාණය ගැනත් ලොකු බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්.
මේ කතාව ගෙතෙන්නේ හිටපු මැරීන් සෙබළෙක් වටායි. ඔහු ජූරි සභිකයෙක් විදිහට අධිකරණයක ඉන්න අතරතුරේදී හදිසියේම දරුණු ප්රාණ ඇපයට ගැනීමේ සිදුවීමකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. විත්තිකාරයාගේ දියණිය තමන්ගේ පියා බේරගන්න අධිකරණ ශාලාව අත්පත් කරගන්නා විට, ජේමි ෆොක්ස්ගේ චරිතයට සිද්ධ වෙනවා නැවතත් ක්රියාදාම ලෝකයට පිවිසෙන්න. එරික් ස්කොට් ඇන්ඩර්සන් සහ මැට් ටකේජිරෝ බොසාක්ගේ තිර රචනයකින් හැඩවෙන මේ චිත්රපටය ඇමසන් ප්රයිම් වීඩියෝ ඔස්සේ ඉතා ඉක්මනින් ප්රේක්ෂකයන්ට දැකගන්න පුළුවන් වේවි.
ජේමි ෆොක්ස් මෑතකදී රඟපෑ ‘බැක් ඉන් ඇක්ෂන්’ චිත්රපටයත් ලොකු සාර්ථකත්වයක් ලැබුවා. ඒ වගේම ඔහු ඉදිරියේදී තවත් සිනමා නිර්මාණ කිහිපයකටම දායක වෙන්න නියමිතයි. ඉතින් ‘ඩෙඩ්ලොක්ඩ්’ චිත්රපටයත් ඔහුගේ රසිකයන්ට අලුත්ම අත්දැකීමක් වේවි කියලා තමයි සිනමා ක්ෂේත්රයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

Discussion & Feedback