අභ්‍යවකාශ විද්‍යාඥයන් ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය භාවිත කරලා තරු 72ක් ආශ්‍රිතව ඉතාමත් වැදගත් පර්යේෂණයක් සිදු කරලා තියෙනවා. මේ පර්යේෂණයෙන් හෙළි වෙලා තියෙන්නේ ග්‍රහලෝකයක් නිර්මාණය වීම කියන්නේ ඇත්තටම කාලයත් එක්ක කරන ලොකු තරඟයක් කියන එකයි. තරු වටා තියෙන වායු සහ දූවිලි තැටිවලින් ග්‍රහලෝක හැදෙන්න අවශ්‍ය අමුද්‍රව්‍ය නිරන්තරයෙන්ම අභ්‍යවකාශයට විසිවී යනවා. මේ නිසා ග්‍රහලෝකයක් හැදෙන්න නම් ඒ වායු තැටිවලින් ද්‍රව්‍ය ඉවත් වෙන්න කලින් ඉතා ඉක්මනින් වැඩේ කරගන්න වෙනවා.
පර්යේෂකයන් මේ සඳහා මධ්‍ය-අධෝරක්ත උපකරණයක් (MIRI) භාවිත කරලා තියෙනවා. ඔවුන් තරු පද්ධතිවල විවිධ අවධීන් නිරීක්ෂණය කරමින්, ග්‍රහලෝක නිර්මාණය වන ආකාරය ගැන වීඩියෝවක් වගේ පැහැදිලි චිත්‍රයක් මවාගන්න සමත් වුණා. විශේෂයෙන්ම බ්‍රහස්පති වගේ විශාල වායුමය ග්‍රහලෝක හැදෙන්න නම් ඒ වායු තැටිවල තවමත් ප්‍රමාණවත් තරම් වායු තිබිය යුතුයි. තරු වයසට යනවත් එක්කම මේ වායු තැටිවලින් ද්‍රව්‍ය ඉවත් වන ආකාරය වෙනස් වෙනවා. මුල් කාලයේදී චුම්භක බලපෑම් නිසා වායු පිටතට විසිවෙන අතර, පසුව තාරකාවෙන් නිකුත් වන අධික ශක්තියක් සහිත විකිරණ නිසා වායු වාෂ්ප වී ඉවත් වීම සිදුවෙනවා.
මේ සොයාගැනීම මගින් අපේ සෞරග්‍රහ මණ්ඩලය මීට වසර බිලියන 4.6කට කලින් හැදුණු ආකාරය ගැනත් ලොකු අවබෝධයක් ලබාගන්න පුළුවන් වෙලා තියෙනවා. ග්‍රහලෝක නිර්මාණය වීමේදී මේ වායු තැටි විසිරී යාම කියන්නේ ග්‍රහලෝක හැදීමේ ක්‍රියාවලියට තියෙන කාල සීමාව තීරණය කරන ප්‍රධාන සාධකයයි. ඒ කියන්නේ වායු ඉවර වුණාට පස්සේ අලුතින් ග්‍රහලෝක හැදෙන්න තියෙන අවස්ථාව සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා.

Discussion & Feedback