අභ්යවකාශ විද්යාවේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ජේම්ස් වෙබ් අභ්යවකාශ දුරේක්ෂය මගින් විශ්වයේ අතීතයට අයත් අපූරු දසුනක් අප වෙත ගෙනැවිත් තියෙනවා. මේ දුරේක්ෂය මගින් MACS J0553.4-3342 නමින් හැඳින්වෙන මන්දාකිණි පොකුරක් නිරීක්ෂණය කරලා තියෙන්නේ. මේ දසුන හරහා අපිට දකින්න ලැබෙන්නේ වසර බිලියන 4.4කට පෙර නිර්මාණය වෙමින් පැවති මන්දාකිණි පොකුරක දර්ශනයක්. ගුරුත්වාකර්ෂණය මගින් එකට බැඳී පවතින මෙවැනි මන්දාකිණි පොකුරු විශ්වයේ පවතින විශාලතම ව්යුහයන් ලෙස සැලකෙනවා.
ජේම්ස් වෙබ් දුරේක්ෂයේ ඇති අති නවීන NIRCam කැමරාව මගින් ඉතා දුර බැහැරින් එන අඳුරු ආලෝක තරංග පවා ග්රහණය කරගන්න පුළුවන්. ආලෝකය ගමන් කිරීමට කාලයක් ගතවන නිසා, මෙවැනි දුරේක්ෂ කාල යන්ත්රයක් වගේ අතීතය දෙස බැලීමට අපට උදව් කරනවා. හබල් දුරේක්ෂය වැනි වෙනත් උපකරණ මගින්ද මෙවැනි දේ සිදුකළත්, ජේම්ස් වෙබ් දුරේක්ෂයේ ඇති විශේෂිත තාක්ෂණය නිසා අපට විශ්වයේ වඩාත් ඈත අතීතය ගැන තොරතුරු දැනගන්න ලැබෙනවා.
ඇත්තටම මේක හරිම පුදුම හිතෙන දෙයක්. අපි රාත්රී අහස දෙස නිරුවත් ඇසින් බලන විට පවා දකින්නේ වසර මිලියන ගණනාවකට පෙර තරු වලින් පිටවූ ආලෝකයයි. ඒ කියන්නේ අපි හැමෝම මොන විදිහකින් හරි අතීතය දෙස බලමින් ඉන්න පිරිසක්. විශ්වයේ මේ අසීමිත රහස් හෙළි කරගන්න ජේම්ස් වෙබ් දුරේක්ෂය කරන මෙහෙය ඇත්තටම අගය කළ යුතුයි.

Discussion & Feedback