ජේම්ස් වෙබ් අභ්යවකාශ දුරේක්ෂය පාවිච්චි කරලා විද්යාඥයන් පිරිසක් විශ්වයේ මුල්ම කාලයේදී තරු සහ මන්දාකිණි නිර්මාණය වෙන්න උදව් වුණු රහස් ටිකක් හොයාගෙන තියෙනවා. මුල් කාලීන විශ්වයේ තිබුණේ හයිඩ්රජන් සහ හීලියම් වගේ සැහැල්ලු මූලද්රව්ය විතරයි. හැබැයි මුල්ම පරම්පරාවේ තරු මියයනකොට සිද්ධ වුණු සුපර්නෝවා පිපිරීම් නිසා තමයි විශ්වයට අවශ්ය බර මූලද්රව්ය හෙවත් ‘ලෝහ’ එකතු වුණේ. මේ දූවිලි සහ ලෝහ තමයි පස්සේ කාලෙක අලුත් තරු බිහිවෙන්න මූලික වුණේ.
මුල්ම මන්දාකිණි ගැන කෙලින්ම අධ්යයනය කරන්න අමාරු නිසා, විද්යාඥයන් අපිට සාපේක්ෂව ළඟින්ම තියෙන ‘සෙක්ස්ටන්ස් ඒ’ (Sextans A) කියන වාමන මන්දාකිණිය නිරීක්ෂණය කරන්න තීරණය කළා. මේ මන්දාකිණියේ තියෙන රසායනික තත්ත්වයන් මුල් කාලීන විශ්වයට ගොඩක් සමානයි. ජේම්ස් වෙබ් දුරේක්ෂයේ තියෙන අති නවීන කැමරා පාවිච්චි කරලා, මේ මන්දාකිණියේ තරු පරිණාමය වෙන හැටි සහ ඒවා කොහොමද දූවිලි නිපදවන ‘කර්මාන්තශාලා’ විදිහට වැඩ කරන්නේ කියලා හොයාගන්න ඔවුන්ට පුළුවන් වුණා.
මේ පර්යේෂණයෙන් හෙළි වුණේ මීට වසර බිලියන දෙකකට හෝ තුනකට කලින්, සූර්යයා වගේ එකහමාරක ස්කන්ධයක් තියෙන තරු කොහොමද දූවිලි කවච නිර්මාණය කරලා විශ්වය පුරාම ඒ දූවිලි විසුරුවා හැරියේ කියලා. මේ සොයාගැනීම හරහා විශ්වයේ මුල්ම පරම්පරාවේ තරු කොහොමද අලුත් තරු බිහිවෙන්න අවශ්ය පසුබිම හැදුවේ කියන එක ගැන අපිට අලුත් චිත්රයක් මවාගන්න පුළුවන් වෙනවා. ඇත්තටම මේක අභ්යවකාශ විද්යාවේ ලොකු ඉදිරි පියවරක්.

Discussion & Feedback