අභ්යවකාශ විද්යාඥයන් ජේම්ස් වෙබ් අභ්යවකාශ දුරේක්ෂය භාවිතා කරලා විශ්වයේ මුල් කාලයේ තරු සහ මන්දාකිණි බිහිවීමට උදව් වුණු රහස් ගැන අලුත්ම තොරතුරු ටිකක් හොයාගෙන තියෙනවා. මුල් කාලයේ විශ්වය හයිඩ්රජන් සහ හීලියම් වගේ සැහැල්ලු මූලද්රව්යවලින් විතරක් පිරිලා තිබුණත්, පසුව බිහිවුණු තරු මගින් බර මූලද්රව්ය හෙවත් ලෝහ වර්ග නිර්මාණය වුණා. මේවා තමයි පසුව දූවිලි බවට පත්වෙලා අලුත් තරු බිහිවීමට මූලික වුණේ. ඒත් මුල් කාලීන මන්දාකිණි කෙළින්ම අධ්යයනය කරන්න අපහසු නිසා, විද්යාඥයන් අපිට ආසන්නයේ තියෙන ‘සෙක්ස්ටන්ස් ඒ’ (Sextans A) කියන වාමන මන්දාකිණිය දෙසට අවධානය යොමු කළා.
මේ මන්දාකිණිය අපේ සූර්යයාට වඩා ගොඩක් ලෝහවලින් දුප්පත් එකක්. ජේම්ස් වෙබ් දුරේක්ෂයේ තියෙන විශේෂ කැමරා හරහා ඔවුන් මේ මන්දාකිණියේ තරු පරිණාමය වන ආකාරය ඉතාම පැහැදිලිව නිරීක්ෂණය කළා. එහිදී ඔවුන් දැක්කා සූර්යයා මෙන් 1.5 ගුණයක් විශාල තරු, වසර බිලියන 2කට හෝ 3කට පෙර විශාල දූවිලි කර්මාන්තශාලා විදිහට ක්රියා කරලා තියෙන බව. මේ තරු තමයි විශ්වයේ මුල් කාලයේ අලුත් තරු බිහිවීමට අවශ්ය දූවිලි සහ ලෝහ වර්ග අභ්යවකාශයට මුදා හැරලා තියෙන්නේ.
මේ සොයාගැනීම මගින් විශ්වයේ මුල්ම පරම්පරාවේ තරු කොහොමද පරිණාමය වුණේ සහ ඒවා කොහොමද අද අපි දකින විශ්වය නිර්මාණය කළේ කියන එක ගැන ලොකු අවබෝධයක් ලබාගන්න පුළුවන්. ඇත්තටම මේක අභ්යවකාශ විද්යාවේ තවත් විශාල ඉදිරි පිම්මක් විදිහට හඳුන්වන්න පුළුවන්.

Discussion & Feedback