අභ්යවකාශයේ තියෙන අතිවිශාල කළු කුහර කොහොමද මෙච්චර ඉක්මනින් වර්ධනය වෙන්නේ කියන එක කාලයක් තිස්සේ විද්යාඥයන්ට තිබුණු ලොකු ප්රශ්නයක්. හැබැයි දැන් ජේම්ස් වෙබ් අභ්යවකාශ දුරේක්ෂය මගින් මේ රහස හෙළි කරගෙන තියෙනවා. සාමාන්යයෙන් කළු කුහරයක් වටා තියෙන වායු සහ දූවිලි තමන් වෙත ඇදගන්නා අතරම, ඒවායින් පිටවන ශක්තිය නිසා අවට තියෙන වායු ඉවතට විසිවෙලා යනවා. මේ නිසා කළු කුහරවලට ආහාර හිඟයක් ඇතිවෙලා ඒවායේ වර්ධනය නතර වෙන්න ඕනේ. ඒත් විශ්වය නිර්මාණය වෙලා කෙටි කාලයක් ඇතුළත මේවා මෙච්චර විශාල වුණේ කොහොමද කියන එක තමයි පුදුමයට කරුණ වුණේ.
දැන් විද්යාඥයන් හොයාගෙන තියෙන විදියට කළු කුහර කියන්නේ ඇත්තටම අභ්යවකාශයේ ඉන්න ‘ප්රතිචක්රීකරණ ශූරයන්’ වගේ පිරිසක්. කළු කුහර මගින් පිටකරන ශක්තිය නිසා ඉවතට විසිවෙන වායු, පසුව සිසිල් වෙලා නැවතත් දිගු නූල් වගේ හැඩයකින් කළු කුහරය දෙසටම ඇදී එනවා. මේ ක්රියාවලිය හරහා කළු කුහරයට නැවතත් ආහාර ලැබෙනවා. මේ විදියට ආහාර ගැනීම සහ නිරාහාරව සිටීම කියන චක්රය දිගින් දිගටම සිදුවෙන නිසා තමයි ඒවාට ඉතා වේගයෙන් වර්ධනය වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. සෙන්ටෝරස් තාරකා මණ්ඩලයේ තියෙන NGC 4696 මන්දාකිණිය නිරීක්ෂණය කරද්දී තමයි මේ අපූරු දසුන ජේම්ස් වෙබ් දුරේක්ෂයට හසු වුණේ.
මේ සොයාගැනීම මගින් විශ්වයේ මුල් කාලයේදී කළු කුහර කොහොමද මෙච්චර දැවැන්ත වුණේ කියන ගැටලුවට ලොකු පිළිතුරක් ලැබිලා තියෙනවා. ඇත්තටම මේක අභ්යවකාශ විද්යාවේ තවත් ලොකු පෙරළියක් විදියට හඳුන්වන්න පුළුවන්. මේ වගේ දේවල් නිසා අපිට විශ්වයේ රහස් තවත් පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් වෙනවා.

Discussion & Feedback