ලොව පුරා ඉන්න බැට්මෑන් රසිකයන් ගොඩක් දෙනෙක් මේ දවස්වල බලාගෙන ඉන්නේ ‘ද බැට්මෑන්’ චිත්රපට මාලාවේ දෙවන කොටස එනකම්. ඒ අතරේ තමයි මේ චිත්රපට මාලාවේ දෙවන සහ තුන්වන කොටස් එකපාර රූගත කරන්න යනවා කියලා කටකතාවක් පැතිරුණේ. හැබැයි මේ ගැන පැහැදිලි කිරීමක් කරමින් DC ස්ටුඩියෝස් ප්රධානී ජේම්ස් ගන් කියලා තියෙන්නේ ඒ කතාවේ කිසිම ඇත්තක් නැහැ කියලයි. ඔහු තමන්ගේ සමාජ මාධ්ය ගිණුම හරහා රසිකයන්ගේ ප්රශ්නවලට උත්තර දෙමින් පැහැදිලි කළේ මේ කොටස් දෙක එකවර රූගත කිරීමක් සිදු නොවන බවයි.
මේ වෙනකොට අධ්යක්ෂ මැට් රීව්ස් තමන්ගේ වැඩකටයුතු බොහොම උනන්දුවෙන් කරගෙන යනවා. රොබට් පැටින්සන් නැවතත් බැට්මෑන් විදිහට දකින්න ලැබෙන මේ චිත්රපටයේ රූගත කිරීම් ගැන ඔහු සමාජ මාධ්ය හරහා පොඩි පොඩි ඉඟි කිහිපයක්ම ලබා දීලා තියෙනවා. විශේෂයෙන්ම හිම වැටෙන පරිසරයක රූගත කරන දර්ශන කිහිපයක් ගැන ඔහු පෙන්නපු දේවල් නිසා රසිකයන් ගොඩක් උද්යෝගයෙන් ඉන්නේ. චිත්රපටයේ පිටපත දැනටමත් සම්පූර්ණ කරලා තියෙනවා වගේම, රූගත කිරීම් කටයුතුත් මේ වසරේ වසන්ත කාලයේදී ආරම්භ වෙන්න නියමිතයි.
කලින් සැලසුම් කරලා තිබුණට වඩා චිත්රපටයේ නිකුත් කිරීමේ දිනය වෙනස් වෙලා තියෙනවා. ඒ අනුව දැන් මේ චිත්රපටය 2028 පෙබරවාරි 18 වෙනිදා තිරගත වෙන්න නියමිතයි. බැට්මෑන් රසිකයන්ට මේ චිත්රපටය වෙනුවෙන් තව ටික කාලයක් බලාගෙන ඉන්න සිද්ධ වුණත්, මැට් රීව්ස්ගේ අධ්යක්ෂණය යටතේ එන මේ නිර්මාණය අනිවාර්යයෙන්ම විශිෂ්ට එකක් වේවි කියලා තමයි හැමෝම බලාපොරොත්තු වෙන්නේ.

Discussion & Feedback