ලොව පුරාම ජනප්රිය ජේම්ස් බොන්ඩ් හෙවත් 007 චරිතය නිර්මාණය කළ ඉයන් ෆ්ලෙමින්ග්, එම චරිතය කොයි වගේ විය යුතුදැයි චිත්ර ශිල්පියෙකුට යැවූ රහසිගත ලිපියක් සහ මුල්ම චිත්රය මේ වන විට සොයාගෙන තියෙනවා. ‘ද හොලිවුඩ් රිපෝටර්’ වාර්තා කරන විදිහට, ෆ්ලෙමින්ග් තමන්ගේ මේ ඔත්තුකාරයාට ඇමරිකානු පන්නයේ හිසක් හෝ තාරාවෙකුගේ වගේ කොණ්ඩයක් තියෙන්න එපා කියලා ඉතාම පැහැදිලිව උපදෙස් දීලා තියෙනවා. ජෝන් මැක්ලස්කි නම් චිත්ර ශිල්පියා විසින් නිර්මාණය කළ මේ රූපය තමයි ෆ්ලෙමින්ග් අනුමත කරපු එකම නිර්මාණය වෙලා තියෙන්නේ. මේ තොරතුරු ටික සොයාගෙන තියෙන්නේ චිත්ර ශිල්පියාගේ පුත් සෝන් මැක්ලස්කි විසිනුයි.
ෆ්ලෙමින්ග් තමන්ගේ පොත්වල බොන්ඩ් ගැන විස්තර කරද්දී ඔහුට කළු කොණ්ඩයක්, නිල් ඇස් සහ දකුණු කම්මුලේ කැළලක් තියෙන බව සඳහන් කරලා තියෙනවා. 1953 ඉඳන් අද වෙනකම්ම මේ චරිතය වටා ලොකු සිනමා කතා මාලාවක් ගොඩනැගිලා තියෙනවා. ෂෝන් කොනරි, රොජර් මූර්, පියර්ස් බ්රොස්නන් වගේ දැවැන්ත නළුවන් රැසක් මේ චරිතයට පණ පෙව්වා. දැනට 25 වැනි චිත්රපටය දක්වා පැමිණි මේ ගමනේ ඊළඟ පියවර වන ‘බොන්ඩ් 26’ චිත්රපටය ගැන ලොකු කතාබහක් ඇති වෙලා තියෙනවා. 2026 වසර අවසන් වීමට පෙර අලුත් බොන්ඩ් කවුද කියලා දැනගන්න පුළුවන් වෙයි කියලා නිෂ්පාදකවරුන් පවසනවා. කොහොම වුණත්, මේ ජනප්රිය ඔත්තුකාරයාගේ මුල්ම නිර්මාණාත්මක පසුබිම ගැන දැනගන්න ලැබීම රසිකයන්ට නම් ලොකු කුතුහලයක් ගෙන දෙන කාරණයක්.

Discussion & Feedback