ට්විටර් සහ බ්ලොක් සමාගමේ සම-නිර්මාතෘ ජැක් ඩෝර්සි මේ දිනවල තාක්ෂණික ලෝකයේ ලොකු කතාබහක් ඇති කරමින් ‘Buzz’ නමින් අලුත්ම පණිවිඩ හුවමාරු වේදිකාවක් හඳුන්වා දීලා තියෙනවා. මේක ප්‍රධාන වශයෙන්ම Slack සහ GitHub වැනි වේදිකාවලට සෘජු තරඟකරුවෙක් විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මේ වේදිකාවේ තියෙන විශේෂම දේ තමයි, සාමාන්‍ය සේවකයන්ට වගේම කෘත්‍රිම බුද්ධිය (AI) මගින් ක්‍රියාත්මක වන ඒජන්තවරුන්ටත් එකම කණ්ඩායම් සංවාදයකට සම්බන්ධ වෙන්න පුළුවන් වීම. ඒ නිසා වැඩ කරන අතරතුර විවිධ පද්ධති අතර මාරු වෙන්න ඕන නැතිව, සියලුම කාර්යයන් එකම තැනකින් කරගන්න මේකෙන් පහසුකම ලැබෙනවා.
ඩෝර්සි පවසන විදිහට මේ Buzz වේදිකාව සම්පූර්ණයෙන්ම විවෘත මෘදුකාංග (Open Source) තාක්ෂණයෙන් සහ විමධ්‍යගත ක්‍රමවේදයකින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ නිසා ඕනෑම කණ්ඩායමකට තමන්ගේ අවශ්‍යතාවය අනුව මේක වෙනස් කරගන්න හෝ අලුත් දේවල් එකතු කරගන්න පූර්ණ නිදහස තියෙනවා. දැනටමත් මේකේ ඩෙස්ක්ටොප් ඇප් එක Windows, macOS සහ Linux සඳහා නොමිලේම ලබාගන්න පුළුවන්. හැබැයි මේක තවමත් මූලික අවධියේ පවතින නිසා, ව්‍යාපාරික කටයුතු සඳහා සම්පූර්ණයෙන්ම මාරු වෙන්න කලින් තව ටිකක් කල් බලා ඉන්න එක හොඳයි කියලා තමයි තාක්ෂණික විශේෂඥයන් පවසන්නේ. කොහොම වුණත්, AI තාක්ෂණය වැඩ කරන තැන්වලට කොයිතරම් දුරට බලපායිද කියන එකට මේක හොඳ උදාහරණයක්.

Discussion & Feedback