පොප් සංගීතයේ රජු ලෙස සැලකෙන මයිකල් ජැක්සන්ගේ ජීවිතය අළලා නිර්මාණය වූ ‘මයිකල්’ චිත්රපටයේ දෙවන කොටසක් පිළිබඳව මේ වන විට ලොව පුරා කතාබහක් ඇති වෙලා තියෙනවා. පළමු චිත්රපටයේ මයිකල්ගේ චරිතයට පණ පෙවූ ඔහුගේ බෑණනුවන් වන ජාෆාර් ජැක්සන් පවසන විදිහට, දෙවන චිත්රපටය හරහා මයිකල්ට එල්ල වූ ළමා අපචාර චෝදනා සම්බන්ධයෙන් ඔහුගේ පැත්තෙන් සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව වඩාත් පැහැදිලි අවබෝධයක් ලබාගන්න පුළුවන් වෙනවා. මේ දක්වාම මේ චෝදනා සම්බන්ධයෙන් අපට අහන්න ලැබුණේ අන් අයගේ කතා පමණක් බවත්, මයිකල්ගේ හඬ ලෝකයට ඇසෙන්නට සැලැස්වීම ඉතාම වැදගත් බවත් ජාෆාර් වැඩිදුරටත් අවධාරණය කරනවා.
පළමු චිත්රපටය මයිකල්ගේ මුල් කාලීන ජීවිතය සහ ඔහු අයිකනයක් බවට පත්වූ ආකාරය කෙරෙහි අවධානය යොමු කළත්, දෙවන කොටසින් ඔහුගේ ජීවිතයේ පසුකාලීනව ඇති වූ මතභේදාත්මක සිදුවීම් දෙස ඔහුගේ දෘෂ්ටිකෝණයෙන් බැලීමට අවස්ථාව ලැබෙනු ඇති. මයිකල් යනු කොතරම් බාධක පැමිණියත් අන් අය තුළ යහපතක්ම දුටු, ඉතාම කරුණාවන්ත හදවතක් තිබූ පුද්ගලයෙකු බව ජාෆාර් සිහිපත් කරනවා. ලයන්ස්ගේට් ආයතනය විසින් නිෂ්පාදනය කරන මෙම චිත්රපටයේ වැඩකටයුතු මේ වසරේ අගභාගයේදී හෝ ලබන වසරේ මුල් භාගයේදී ආරම්භ කිරීමට නියමිතයි. මයිකල් ජැක්සන්ගේ රසිකයන් මේ වන විටත් මෙම චිත්රපටය පිළිබඳව දැඩි උනන්දුවකින් පසුවන අතර, සත්ය කුමක්දැයි දැනගැනීමට බොහෝ දෙනා බලා සිටිනවා.

Discussion & Feedback