හොලිවුඩයේ වඩාත්ම අභියෝගාත්මක චරිතයක් විදිහට සැලකෙන ‘බැට්මෑන්’ චරිතයට පණ පෙවූ ජනප්රිය නළු ජෙන්සන් ඇකල්ස්ගේ එම ගමන මේ වන විට නිමාවට පත්වෙලා තියෙනවා. ‘බැට්මෑන්: ද ලෝන්ග් හැලොවීන්’ ඇතුළු ඇනිමේෂන් චිත්රපට මාලාව හරහා ඇකල්ස් ඉදිරිපත් කළ බැට්මෑන් චරිතය රසිකයන් අතර ගොඩක් ජනප්රිය වුණා. ඔහුගේ හඬ සහ රංගන විලාසය නිසාම බොහෝ දෙනෙක් ඔහු සැබෑ ලෝකයේ බැට්මෑන් චරිතයටත් සුදුසුම පුද්ගලයා බව පවසා සිටියා. නමුත් ‘ක්රයිසිස් ඔන් ඉන්ෆිනිට් අර්ත්ස්’ චිත්රපට මාලාව අවසන් වීමත් සමඟම ඇකල්ස්ගේ එම බැට්මෑන් යුගය නිල වශයෙන් අවසන් වුණා.
දැන් ‘බැට්මෑන්: නයිට්ෆෝල්’ චිත්රපටයත් සමඟ බැට්මෑන්ගේ හඬ චරිතය ඇන්සන් මවුන්ට් වෙත භාර දීලා තියෙනවා. ඇකල්ස්ගේ මේ ගමන අවසන් වුණත්, ඔහුට හිමි සුවිශේෂී වාර්තාවක් තියෙනවා. ඒ තමයි බැට්මෑන් සහ රොබින් යන චරිත දෙකම චිත්රපටයකදී රඟපෑ එකම නළුවා ඔහු වීම. බොහෝ රසිකයන් තවමත් ඔහු සැබෑ ලෝකයේ බැට්මෑන් ලෙස දකින්න බලාපොරොත්තු වුණත්, ජේම්ස් ගන්ගේ නව DCU සැලසුම් අනුව එය සිදුවීමක් නම් ගොඩක් දුරස්ථයි. කෙසේ වෙතත්, ඇකල්ස් බැට්මෑන් ලෙස කළ දායකත්වය රසිකයන්ගේ මතකයේ සදාකාලිකව රැඳෙනු ඇති බව නම් ස්ථිරයි.

Discussion & Feedback