ලෝක ප්රසිද්ධ ජේම්ස් බොන්ඩ් චරිතයට ඩැනියෙල් ක්රේග් සමුදීමෙන් පසුව, ඊළඟ 007 නළුවා කවුරුන්ද යන්න ගැන ලොව පුරාම ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා. ආරොන් ටේලර් ජොන්සන්, ඉඩ්රිස් එල්බා වගේ ප්රසිද්ධ නළුවන්ගේ නම් ගොඩක් කාලෙක ඉඳන් කරළියට ආවත්, ඇමසන් එම්.ජී.එම් ස්ටුඩියෝ එකෙන් තවම නිල වශයෙන් කිසිම දෙයක් ප්රකාශ කරලා නැහැ. මේ අතරතුර තමයි ‘007: First Light’ වීඩියෝ ක්රීඩාව හරහා තරුණ ජේම්ස් බොන්ඩ්ගේ චරිතයට පණ පොවපු අයර්ලන්ත නළු පැට්රික් ගිබ්සන් ගැන රසිකයන්ගේ අවධානය දැඩිව යොමු වුණේ.
මේ ක්රීඩාවේදී පැට්රික් ගිබ්සන් පෙන්නපු රංගනය නිසා ගොඩක් දෙනෙක් හිතන්නේ ඔහු තමයි ඊළඟ සිනමා ජේම්ස් බොන්ඩ් වෙන්න සුදුසුම කෙනා කියලා. ගොඩක් රසිකයන් සමාජ මාධ්ය හරහා අදහස් දක්වමින් කියන්නේ, ඔහුට තියෙන ඒ තරුණ පෙනුම සහ චරිතයට එකතු කරපු අහිංසක බව නිසා ඔහු බොන්ඩ් චරිතයට අලුත් ආකර්ෂණයක් ගේනවා කියලයි. ඇත්තටම ඔහු එතරම් ප්රසිද්ධ නළුවෙක් නොවුණත්, ඔහුගේ රංගනය නිසා බොන්ඩ් රසිකයන් අතර ඔහු ලොකු ජනප්රියත්වයක් ලබාගෙන තියෙනවා.
ඇමසන් ආයතනය මේ ගැන තවම නිහඬ වුණත්, රසිකයන් නම් බලාපොරොත්තු වෙන්නේ පැට්රික් ගිබ්සන්ව ඊළඟ සිනමාපටයේදී දකින්න ලැබෙයි කියලා. ඇත්තටම අලුත් නළුවෙක් මේ වගේ ලොකු චරිතයකට තෝරා ගන්න එක බොන්ඩ් සිනමා මාලාවට අලුත් අත්දැකීමක් වේවි. ඉතින් අපි බලමු ඉදිරියේදී මොන වගේ තීරණයක් ගනීවිද කියලා.

Discussion & Feedback