ලොව පුරා රසිකයන් නොඉවසිල්ලෙන් බලා සිටි ඒ සුබ ආරංචිය අන්තිමේදී ලැබුණා. ජනප්රිය ගායිකා ටේලර් ස්විෆ්ට් සහ සුපිරි ක්රීඩක ට්රැවිස් කෙල්සි නිල වශයෙන් විවාහ වුණා කියන පුවත දැන් ලෝකයම කතා වෙන මාතෘකාවක් වෙලා. නිව්යෝර්ක් නුවර මැඩිසන් ස්ක්වෙයාර් ගාඩන්හිදී පැවැත්වුණු මේ අති උත්කර්ෂවත් විවාහ මංගල්යය මෙහෙයවනු ලැබුවේ ප්රසිද්ධ නළු ඇඩම් සැන්ඩ්ලර් විසින්. ක්රිස්ටියන් ඩියෝර් ඇඳුමින් සැරසුණු මේ යුවළගේ විවාහයට ලොව ප්රසිද්ධ තරු රැසක්ම සහභාගි වෙලා හිටියා. විශේෂයෙන්ම ජේසන් කෙල්සි සහ ඔස්ටින් ස්විෆ්ට් මේ උත්සවයේ ප්රධාන චරිත බවට පත් වුණා.
මේ විවාහ මංගල්යය තවත් විශේෂ වෙන්නේ ඔවුන් සිදු කළ දැවැන්ත සමාජ සත්කාරය නිසයි. විවාහය වෙනුවෙන් ඔවුන් විවිධ පුණ්යායතන රැසකට ඇමරිකානු ඩොලර් මිලියන 26ක මුදලක් පරිත්යාග කර තිබෙනවා. එඩ් ෂීරන්, ගිගී හඩිඩ් සහ බ්රැඩ්ලි කූපර් වැනි ලොව ප්රසිද්ධ තරු රැසක්ම මේ උත්සවයට එක්ව සිටි අතර, උත්සවය අවසානයේ මැඩිසන් ස්ක්වෙයාර් ගාඩන් පිටත ‘JUST&T MARRIED’ යනුවෙන් සඳහන් දැවැන්ත පුවරුවක් ද ප්රදර්ශනය කර තිබුණා. කොහොම වුණත්, මේ සුපිරි යුවළගේ අනාගතය ඉතාම සතුටින් ගත වේවා කියලා අපිත් ප්රාර්ථනා කරමු.

Discussion & Feedback