හැරී පොටර් රසිකයන්ට නම් මේ දවස් ටික ඇත්තටම හරිම සතුටුදායකයි. අවුරුදු ගාණකට පස්සේ ආයෙමත් මායා ලෝකයේ අලුත් අත්දැකීම් රැසක් අපිට බලාගන්න පුළුවන් වෙලා තියෙනවා. මේ දෙසැම්බර් මාසයේ HBO හරහා අලුත් හැරී පොටර් කතා මාලාව ආරම්භ වීමට නියමිත අතර, ඊටත් කලින් ලබන ඔක්තෝබර් මාසයේදී ‘Harry Potter: Defenders of Hogwarts’ නමින් අලුත්ම RPG පුවරු ක්රීඩාවක් (Tabletop RPG) වෙළඳපොළට නිකුත් වෙන්නයි යන්නේ. මීනා ලිමා (MinaLima) විසින් නිර්මාණය කරපු මේ ක්රීඩාව දැනටමත් කික්ස්ටාටර් (Kickstarter) හරහා අතිවිශාල ජනප්රියත්වයක් ලබාගෙන අවසන්.
මේ ක්රීඩාවේදී ක්රීඩකයන්ට තමන් කැමති හොග්වර්ට්ස් නිවාසයකට සම්බන්ධ වෙලා පාසල ආරක්ෂා කරන්න, නැත්නම් ලෝඩ් වෝල්ඩමෝට්ගේ පැත්ත ගෙන පාසලට පහර දෙන්න වුණත් පුළුවන්. ක්රීඩකයන් දෙදෙනෙකුගේ සිට පස් දෙනෙකු දක්වා එකවර ක්රීඩා කළ හැකි මේ ක්රීඩාව විනාඩි 90ක කාලයක් ඇතුළත ඉතාමත් උද්යෝගිමත් අත්දැකීමක් ලබා දෙනවා. කාඩ්පත් 100කට අධික ප්රමාණයක් සහ අලංකාර නිර්මාණ රැසක් ඇතුළත් මේ ක්රීඩාව දැනටමත් අත්හදා බැලූ බොහෝ දෙනෙක් පවසන්නේ මෙය මෙතෙක් බිහිවූ හොඳම හැරී පොටර් පුවරු ක්රීඩාව බවයි.
හොග්වර්ට්ස් පාසලට එල්ල වන අඳුරු බලවේගවලින් එය බේරාගන්නද, නැත්නම් අඳුරු බලවේග සමඟ එකතු වෙලා පාසල විනාශ කරන්නද කියලා තීරණය කරන්නේ ඔබයි. ඉතින් ඔයාලත් හැරී පොටර් ලෝකයේ අලුත් අත්දැකීමක් විඳගන්න කැමති නම්, ලබන මාසයේ නිකුත් වන මේ අපූරු ක්රීඩාව ගැන ඇහැ ගහගෙන ඉන්න කියලා අපි මතක් කරනවා.

Discussion & Feedback