ගොඩක් දෙනෙක් ආසාවෙන් බලාගෙන හිටපු GTA 6 ක්‍රීඩාව නිකුත් වෙන්න තව මාස කිහිපයක් විතරයි තියෙන්නේ. මේ අතරේ අගෝස්තු 27 වෙනිදා Netflix හරහා මේ ක්‍රීඩාවේ අලුත්ම දර්ශන පෙළක් විකාශය වෙන්න නියමිතයි. හැබැයි මේ සතුට මැද ගේමර්ස්ලාට අහන්න ලැබුණු ආරංචි නම් එච්චර හොඳ නැහැ. ප්‍රධානම දේ තමයි මේ ක්‍රීඩාව භෞතික තැටියක් (Physical Disc) විදිහට නිකුත් වෙන්නේ නැති එක. ඒ වගේම මේක PS5 සහ XBOX Series S/X සඳහා විතරක් නිකුත් වෙන නිසා PC ගේමර්ස්ලාටත් ලොකු කලකිරීමක් ඇති වෙලා තියෙනවා.
මේ අතරේ ඕස්ට්‍රේලියාවේ පනවලා තියෙන අලුත්ම නීති නිසා තවත් ලොකු ප්‍රශ්නයක් මතු වෙලා තියෙනවා. ඒ රටේ තියෙන දැඩි නීති රීති අනුව, වයස අවුරුදු 18ට අඩු අයට මේ වගේ වැඩිහිටියන්ට පමණක් සුදුසු ක්‍රීඩා කිරීම තහනම් වෙන්නයි යන්නේ. මයික්‍රොසොෆ්ට් ආයතනයත් දැනටමත් නිවේදනය කරලා තියෙන්නේ, අගෝස්තු මාසයේ ඉඳන් වයස අවුරුදු 18ට වැඩි බව තහවුරු කරපු අයට විතරයි මෙවැනි ක්‍රීඩා සඳහා ප්‍රවේශ වෙන්න පුළුවන් වෙන්නේ කියලා. ඕස්ට්‍රේලියාවේ දැනටමත් සූදුව සහ ලිංගික අන්තර්ගතයන් සම්බන්ධයෙන් තියෙන දැඩි නීති නිසා GTA වගේ ක්‍රීඩාවලට මේ වගේ බාධක එන එක අමුතු දෙයක් නෙවෙයි.
කොහොම වුණත්, නොවැම්බර් 19 වෙනිදා එළිදැක්වෙන මේ ක්‍රීඩාව වෙනුවෙන් ලෝකයම බලාගෙන හිටියත්, මේ නව සීමා කිරීම් නිසා ඕස්ට්‍රේලියාවේ ඉන්න බාල වයස්කාර ගේමර්ස්ලාට නම් මේ අත්දැකීම අහිමි වෙන්න ලොකු ඉඩක් තියෙනවා. දැනටමත් මේ ක්‍රීඩාව පෙර ඇණවුම් (Pre-order) කරන්න පුළුවන් වුණත්, මේ නීති රීති නිසා බොහෝ දෙනෙක්ට මේක සෙල්ලම් කරන්න ලැබෙන්නේ නැති එක ලොකු පසුබෑමක් විදිහටයි ගේමින් ක්ෂේත්රයේ කතා වෙන්නේ.

Discussion & Feedback