ගේම් ඔෆ් ත්රෝන්ස් (Game of Thrones) ලෝලීන්ට මේ දවස්වල ඇත්තටම සතුටු වෙන්න ගොඩක් දේවල් තියෙනවා. දැනටමත් ‘හවුස් ඔෆ් ද ඩ්රැගන්’ (House of the Dragon) තුන්වන කතා සමය විකාශය වෙමින් පවතින අතර, ඉදිරියේදී තවත් අලුත් නිර්මාණ රැසක් රසිකයන් අතරට එන්න නියමිතයි. මේ අතරින් ගේම් ඔෆ් ත්රෝන්ස් ලෝකයේ අලුත්ම පරිච්ඡේදයක් විවෘත කරමින් ‘ගේම් ඔෆ් ත්රෝන්ස්: කිංග්ස් රෝඩ්’ (Game of Thrones: Kingsroad) ක්රීඩාව සඳහා අලුත්ම සීසන් එකක් හඳුන්වා දී තිබෙනවා. ‘ෆ්රොස්ට් ඇන්ඩ් ස්ටීල්’ (Frost and Steel) ලෙස නම් කර ඇති මෙම පළමු නිල කතා සමය මේ බදාදා, ජූලි 15 වැනිදා සිට ආරම්භ වීමට නියමිතයි.
මෙම නව සීසන් එක හරහා ක්රීඩකයන්ට උතුරු දිග රාජධානිවල පැවැත්වෙන දැවැන්ත තරගාවලියකට සහභාගී වෙන්න අවස්ථාව ලැබෙනවා. අයන්බෝන් ප්රහාරවලට ප්රතිචාර දක්වමින් තම තමන්ගේ පාර්ශ්වයන් වෙනුවෙන් සටන් වදින ශූරයන් ලෙස ක්රීඩා කිරීමට මෙහිදී හැකියාව තියෙනවා. විශේෂයෙන්ම 2026 මැයි මාසයේදී ආසියානු කලාපයේ රටවල් රැසක පරිගණක සහ ජංගම දුරකථන සඳහා මෙම ක්රීඩාව නිකුත් කිරීමත් සමඟ විශාල ජනප්රියත්වයක් ලබාගන්න සමත් වුණා. මේ වන විටත් ඔබට PC, iOS සහ ඇන්ඩ්රොයිඩ් හරහා කිසිදු ගාස්තුවකින් තොරව මෙම ක්රීඩාව අත්විඳින්න පුළුවන්.
ඉදිරි වසර කිහිපය තුළ තවත් අලුත් නිර්මාණ රැසක් එන්න නියමිත නිසා ගේම් ඔෆ් ත්රෝන්ස් රසිකයන්ට ඉදිරියේදී ගොඩක් කාර්යබහුල වගේම විනෝදජනක කාලයක් ගත කරන්න ලැබෙනවා. ඔබත් මේ ලෝකයට කැමති කෙනෙක් නම්, අලුතින් එකතු වුණු මේ විශේෂාංග අත්හදා බලන්න අමතක කරන්න එපා.

Discussion & Feedback