නාසා ආයතනය විසින් අභ්යවකාශය නිරීක්ෂණය කිරීම සඳහා සූදානම් කර තිබෙන අති නවීන ‘නැන්සි ග්රේස් රෝමන්’ අභ්යවකාශ දුරේක්ෂය ලබන අගෝස්තු 30 වැනිදා අභ්යවකාශගත කිරීමට සියල්ල සූදානම් කරලා තියෙනවා. හබල් සහ ජේම්ස් වෙබ් දුරේක්ෂවලට පසුව එන මේ දැවැන්ත දුරේක්ෂය, සැලසුම් කර තිබූ කාලයට වඩා මාස නවයකට කලින් දියත් කිරීම විශේෂත්වයක්. ඩොලර් බිලියන 4ක වියදමින් නිර්මාණය කර ඇති මෙය ස්පේස් එක්ස් රොකට්ටුවක් මගින් පෘථිවියෙන් පිටතට රැගෙන යන්නයි නාසා විද්යාඥයන් සැලසුම් කරලා තියෙන්නේ.
මේ දුරේක්ෂය පෘථිවියේ සිට සැතපුම් මිලියනයක් දුරින් පිහිටි ‘ලැග්රේන්ජ් පොයින්ට් 2’ කියන ස්ථානයට යැවීමට නියමිතයි. මේ ස්ථානය හිරුගේ සහ පෘථිවියේ ගුරුත්වාකර්ෂණය සමතුලිත වන තැනක් නිසා දුරේක්ෂයට ඉතා ආරක්ෂිතව සහ ස්ථාවරව අභ්යවකාශය නිරීක්ෂණය කරන්න පුළුවන්. දැනටමත් මේ දුරේක්ෂය සඳහා අවශ්ය ඉන්ධන පිරවීම අවසන් කරලා තියෙන අතර, ඉදිරි සති තුන ඇතුළත එය රොකට්ටුව තුළ ස්ථාපනය කිරීමට නියමිතයි.
විශේෂම දේ තමයි රෝමන් දුරේක්ෂයට හබල් දුරේක්ෂයට වඩා දහස් ගුණයක දත්ත ප්රමාණයක් එකතු කරන්න පුළුවන් වීම. හබල් දුරේක්ෂය වසර 35ක් පුරා එකතු කළ දත්ත ප්රමාණයට වඩා වැඩි ප්රමාණයක් රෝමන් දුරේක්ෂය එක වසරක් ඇතුළත ලබාගන්නා බවයි විද්යාඥයන් පවසන්නේ. මේ දුරේක්ෂය මගින් අපිට මීට පෙර කිසිදා දැකගත නොහැකි වූ විශ්වයේ රහස් රැසක් හෙළි කරගන්න පුළුවන් වේවි කියලා ලෝකයම බලාපොරොත්තු තබාගෙන ඉන්නවා.

Discussion & Feedback