ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් විසින් අභ්යවකාශ ක්ෂේත්රයේ අනාගතය වෙනුවෙන් ඉතා වැදගත් තීරණයක් අරගෙන තියෙනවා. ඒ අනුව, අභ්යවකාශය පිළිබඳව ඉගෙන ගන්නා සිසුන් වෙනුවෙන් විශේෂිත වූ ‘ඇමරිකානු අභ්යවකාශ ඇකඩමිය’ (U.S. Space Academy) ස්ථාපිත කිරීමට අදාළ විධායක නියෝගයකට ඔහු අත්සන් තබා තිබෙනවා. හූස්ටන්හි පිහිටි නාසා ආයතනයේදී පැවති උත්සවයකදී ජනාධිපතිවරයා මේ බව ප්රකාශ කළේ, අනාගතයේදී අභ්යවකාශ ගවේෂණ කටයුතු සඳහා අවශ්ය වන දක්ෂතම ඉංජිනේරුවන්, විද්යාඥයන් සහ ගගනගාමීන් බිහි කිරීම මෙම ආයතනයේ ප්රධාන අරමුණ බව පවසමින්. මෙය හුදෙක් හමුදාමය අරමුණු සඳහා පමණක් නොව, නාසා ආයතනය සහ සිවිල් අභ්යවකාශ ගුවන් සේවා කර්මාන්තය සඳහා අවශ්ය පුහුණුව ලබා දෙන මධ්යස්ථානයක් ලෙස ක්රියාත්මක වනු ඇති.
මෙම ඇකඩමිය ඉතාමත් අලංකාර සහ නවීන පහසුකම්වලින් යුත් ස්ථානයක් ලෙස ගොඩනැගීමට ජනාධිපතිවරයා බලාපොරොත්තු වෙනවා. එහි පාලන ව්යුහය, පිහිටීම සහ අනෙකුත් නීතිමය අවශ්යතා පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විශේෂ කොමිසමක් පත් කර ඇති අතර, දින 120ක් ඇතුළත ඔවුන් සිය වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතයි. සඳ මත කඳවුරු ඉදිකිරීම, න්යෂ්ටික බලශක්තිය භාවිතය සහ අභ්යවකාශ ආර්ථිකය දියුණු කිරීම වැනි අභියෝගාත්මක ඉලක්ක ජය ගැනීමට මෙම ඇකඩමියෙන් බිහිවන නව පරපුරට විශාල දායකත්වයක් ලබා දිය හැකි බවයි නාසා පරිපාලක ජැරඩ් අයිසැක්මන් පවසන්නේ. ඇත්තටම මෙය අභ්යවකාශ ගවේෂණ ඉතිහාසයේ සුවිශේෂී හැරවුම් ලක්ෂ්යයක් වේවි.

Discussion & Feedback