ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අභ්‍යවකාශ ක්ෂේත්රයේ අනාගතය වෙනුවෙන් ඉතා වැදගත් තීරණයක් අරගෙන තියෙනවා. ඒ අනුව, අභ්‍යවකාශ ගවේෂණ සහ ඒ ආශ්රිත කටයුතු සඳහා අවශ්‍ය විශේෂඥයින් පුහුණු කිරීමේ අරමුණින් ‘ඇමරිකානු අභ්‍යවකාශ ඇකඩමිය’ (U.S. Space Academy) පිහිටුවීමට ජනාධිපතිවරයා විසින් විධායක නියෝගයකට අත්සන් තබා තිබෙනවා. හූස්ටන්හි නාසා ආයතනයේ පැවති උත්සවයකදී මෙම තීරණය ප්‍රකාශයට පත් කළ අතර, මෙය අනාගතයේදී අභ්‍යවකාශ බලකායට, නාසා ආයතනයට සහ සිවිල් අභ්‍යවකාශ කර්මාන්තයට විශාල ශක්තියක් වේවි.
මෙම ඇකඩමිය මගින් ඉංජිනේරුවන්, විද්‍යාඥයින්, තාක්ෂණ ශිල්පීන් සහ අභ්‍යවකාශගාමීන් පවා පුහුණු කිරීමට නියමිතයි. ජනාධිපති ට්‍රම්ප් පවසන පරිදි, මෙය හුදෙක් හමුදාමය පුහුණු මධ්‍යස්ථානයක් පමණක් නොවෙයි, එය ඉතා අලංකාර සහ ලෝකයේ ඉහළම මට්ටමේ අධ්‍යාපන ආයතනයක් ලෙස ගොඩනැගීමට ඔහු බලාපොරොත්තු වෙනවා. ඉදිරි දින 120 ඇතුළත මෙම ඇකඩමියේ පරිපාලන ව්‍යුහය, ස්ථානය සහ අනෙකුත් නීතිමය අවශ්‍යතා පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කිරීමට විශේෂ කොමිසමක් පත් කර තිබෙනවා.
නාසා ආයතනයේ ප්‍රධානී ජැරඩ් අයිසැක්මන් පවසන්නේ, සඳ මත නැවත මිනිසුන් යැවීම, සඳ මත කඳවුරු ඉදිකිරීම සහ න්‍යෂ්ටික බලශක්තිය අභ්‍යවකාශයේදී භාවිතා කිරීම වැනි අභියෝගාත්මක ඉලක්ක ජය ගැනීමට මෙම ඇකඩමියෙන් බිහිවන දක්ෂ තරුණ පරපුර විශාල දායකත්වයක් ලබා දෙනු ඇති බවයි. ඇමරිකාවේ අභ්‍යවකාශ සිහිනය සැබෑ කරගැනීමට මෙය තීරණාත්මක පියවරක් වනු නොඅනුමානයි.

Discussion & Feedback