අපේ සෞරග්රහ මණ්ඩලයේ නවවන ග්රහලොව ලෙස වසර ගණනාවක් පිළිගැනුණු ප්ලූටෝ, 2006 වසරේදී ජාත්යන්තර තාරකා විද්යා සංගමය විසින් වාමන ග්රහයෙකු ලෙස නැවත වර්ගීකරණය කළා. මේ තීරණය අරගෙන දැන් හරියටම අවුරුදු විස්සක් වෙනවා. එදා ඉඳන් අද වෙනකම්ම ප්ලූටෝ ඇත්තටම ග්රහලොවක්ද නැද්ද කියන එක ගැන විද්යාඥයන් අතර ලොකු වාද විවාද තියෙනවා. විශේෂයෙන්ම නෙප්චූන් ග්රහයාට එහායින් තියෙන කයිපර් පටියේ ප්ලූටෝ වගේම තවත් වස්තූන් සොයාගැනීමත් එක්ක, ප්ලූටෝගේ ග්රහ තත්ත්වය අභියෝගයට ලක් වුණා.
ඇමරිකානු තාරකා විද්යාඥ ඇලන් ස්ටර්න් වැනි විද්වතුන් ප්ලූටෝව වාමන ග්රහයෙකු ලෙස හැඳින්වීමට තවමත් විරුද්ධයි. ඔවුන් පවසන්නේ ප්ලූටෝ යනු හුදෙක් ගලක් නොව ඉතා සංකීර්ණ ලෝකයක් බවයි. වොෂින්ටන් විශ්වවිද්යාලයේ ග්රහ තාරකා විද්යාඥ පෝල් බර්න් පවා පවසන්නේ ප්ලූටෝ පමණක් නොව සෙරෙස්, එරිස් වැනි වාමන ග්රහයන් සියල්ලම ග්රහලෝක ලෙස පිළිගත යුතු බවයි. ඔහුට අනුව, ප්ලූටෝව ග්රහලොවක් ලෙස නොසලකා හැරීමෙන් කිසිදු ප්රයෝජනයක් නැහැ.
ඇත්තටම ස්වභාවධර්මය ප්ලූටෝව කුමන නමකින් හැඳින්වුවත් එය ගණන් ගන්නේ නැහැ. නමුත් මිනිසුන්ගේ අවබෝධය සහ විද්යාත්මක වර්ගීකරණය අනුව මේ තීරණය නැවත සලකා බැලිය යුතු කාලය එළඹ ඇති බවයි බොහෝ දෙනාගේ අදහස. ප්ලූටෝ යනු අපේ සෞරග්රහ මණ්ඩලයේ අද්භූත සහ ආකර්ෂණීය සාමාජිකයෙක් බව නම් අමතක කරන්න බැහැ.

Discussion & Feedback