එච්.පී. ලව්ක්රාෆ්ට්ගේ භීෂණ කතා සිනමාවට නැගීම ඉතාම අසීරු කාර්යයක් වුණත්, ප්රවීණ අධ්යක්ෂක රිඩ්ලි ස්කොට්ගේ ‘ඒලියන්’ (Alien) චිත්රපටය එම අභියෝගය ජයගත් විශිෂ්ටතම නිර්මාණයක් ලෙසයි ප්රකට අධ්යක්ෂක ගිලර්මෝ ඩෙල් ටෝරෝ පවසන්නේ. ඔහුට අනුව, ඒලියන් චිත්රපටය ලව්ක්රාෆ්ට්ගේ ‘At the Mountains of Madness’ කෘතියේ සැබෑ සිනමාත්මක අනුවර්තනයක් වගේ. විශ්වය මිනිසා කේන්ද්ර කරගෙන නොපවතින බවත්, මිනිස් බුද්ධියට ගෝචර නොවන අද්භූත ජීවීන් එහි සැරිසරන බවත් යන ලව්ක්රාෆ්ට්ගේ මූලික තේමාවන් ඒලියන් තුළින් ඉතාම අපූරුවට මතු කරලා තියෙනවා.
චිත්රපටයේ එන නොස්ට්රොමෝ යානයේ කාර්ය මණ්ඩලය අහඹු ලෙස සොයාගන්නා අද්භූත අභ්යවකාශ යානය සහ එහි සිටින ජීවීන්, ලව්ක්රාෆ්ට්ගේ කතා වල එන දෙවිවරුන් වැනි අද්භූත බලවේග සිහිගන්වනවා. විශේෂයෙන්ම සෙනොමෝෆ් (Xenomorph) ජීවියාගේ ස්වභාවය සහ මිනිස් සදාචාරයෙන් තොරව පැවැත්ම උදෙසා පමණක් ක්රියාත්මක වන ආකාරය ලව්ක්රාෆ්ට්ගේ භීෂණ කතා වල එන රාක්ෂයන්ට බොහෝ සෙයින් සමානයි. ගිලර්මෝ ඩෙල් ටෝරෝ පවා තමන්ගේම ලව්ක්රාෆ්ට් අනුවර්තනයක් කිරීමට උත්සාහ කළත්, රිඩ්ලි ස්කොට්ගේ නිර්මාණවල ඇති සමානකම් නිසා එය අත්හැර දැමීමට පවා ඔහුට සිදුවුණා.
කෙසේ වෙතත්, අදටත් සිනමා ලෝලීන් අතර ඒලියන් චිත්රපටය ලව්ක්රාෆ්ට්ගේ ආභාෂය ලත් හොඳම සිනමා කෘතිය ලෙස සැලකෙනවා. ඉදිරියේදී රිඩ්ලි ස්කොට්ගේ නවතම ඒලියන් චිත්රපටයක් එන බවටත් ආරංචි ලැබෙන නිසා, විද්යා ප්රබන්ධ සහ භීෂණ කතා වලට ආදරය කරන රසිකයන්ට ඉදිරියේදී තවත් අපූරු අත්දැකීම් රාශියක් බලාගන්න පුළුවන් වේවි.

Discussion & Feedback