ඔබ මීට පෙර කවදා හෝ ඔබේ රියදුරු බලපත්‍රය හෝ විදේශ ගමන් බලපත්‍රය යම් ආයතනයකට හෝ වෙළඳසැලකට ලබා දී තිබෙනවා නම්, ඒ දත්ත මේ වන විට බරපතල අනතුරක තිබෙන්නට පුළුවන්. ප්‍රසිද්ධ ආරක්ෂක මාධ්‍යවේදියෙකු වන බ්‍රයන් ක්රෙබ්ස් වාර්තා කරන පරිදි, ලොව ප්‍රධාන පෙළේ හැඳුනුම්පත් තහවුරු කිරීමේ සේවාවක් හැකර්වරුන් විසින් බිඳ දමා තිබෙනවා. ‘Nexus’ නමින් හැඳින්වෙන අඳුරු වෙබ් අඩවියක් (Dark web) මගින් ඇමරිකාවේ සහ කැනඩාවේ පුද්ගලයින් මිලියන 150කට අධික සංඛ්‍යාවකගේ රියදුරු බලපත්‍ර සහ ගමන් බලපත්‍ර තොරතුරු විකිණීමට තබා ඇති බවයි හෙළිවී ඇත්තේ. දිනපතා අලුතින් ලක්ෂ පහක දත්ත මෙම වෙබ් අඩවියට එක්වන බවත්, එයින් පෙනී යන්නේ හැකර්වරුන්ට එම සමාගමේ පද්ධතියට සෘජුවම ප්‍රවේශ වීමට හැකි වී ඇති බවයි.
මෙම දත්ත ගබඩාවේ බ්‍රයන් ක්රෙබ්ස්ගේම රියදුරු බලපත්‍රය සහ ඇමරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත්ගේ ඡායාරූප පවා තිබීමෙන් මෙම තොරතුරු සත්‍ය බව තහවුරු වී තිබෙනවා. මෙම දත්ත කාන්දුව සිදුව ඇත්තේ ‘IDScan’ නම් සමාගමෙන් බවටයි සැක කෙරෙන්නේ. මේ වන විට එම වෙබ් අඩවිය අක්‍රිය කර තිබුණත්, එෆ්.බී.අයි (FBI) ආයතනය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. අන්තර්ජාලය හරහා වයස තහවුරු කිරීමේ නීති දැඩි වෙමින් පවතින මෙවැනි කාලයක, පුද්ගලික දත්ත මෙලෙස සුරක්ෂිත නොවීම ලොව පුරා විශාල කතාබහකට ලක්ව තිබෙනවා. ඔබේ දත්ත ආරක්ෂා කර ගැනීමට සැමවිටම සැලකිලිමත් වීම ඉතා වැදගත්.

Discussion & Feedback