අභ්යවකාශ ඡායාරූප ශිල්පියෙක් වන ඒ.ජේ. ස්මාඩි විසින් ඉතාමත් අපූරු ඡායාරූපයක් අන්තර්ජාලයට එක් කර තිබෙනවා. ඒ තමයි දිවා කාලයේදී ජාත්යන්තර අභ්යවකාශ මධ්යස්ථානය (ISS) සහ සිකුරු ග්රහයා එකම තැනකදී හමුවන අයුරු ඉතා පැහැදිලිව කැමරාවට හසු කර ගැනීම. ඇමරිකාවේ වොෂින්ටන් ප්රාන්තයේදී මෙම දසුන ඔහු විසින් ලබාගෙන ඇත්තේ විශේෂිත දුරේක්ෂයක් සහ කැමරාවක් භාවිතා කරමින්. සාමාන්යයෙන් දිවා කාලයේදී මෙවැනි දේවල් ඡායාරූපගත කිරීම ඉතාමත් අසීරු කාර්යයක් වුණත්, ස්මාඩිගේ දැඩි කැපවීම නිසා මෙය සාර්ථක වී තිබෙනවා.
මෙම ඡායාරූපය ලබා ගැනීම සඳහා ඔහු ඉතාමත් සැලසුම් සහගතව කටයුතු කර තිබෙනවා. අභ්යවකාශ මධ්යස්ථානය තත්පරයකට කිලෝමීටර් 7.5ක වේගයකින් ගමන් කරන අතර, සිකුරු ග්රහයා පෘථිවියේ සිට මිලියන ගණනක් දුරින් පිහිටා තිබෙනවා. මේ දෙකම එකම රාමුවකට ගොනු කර ගැනීම ඇත්තටම විශාල දක්ෂතාවයක්. මීට වසරකට පෙරත් ඔහු මෙවැනිම ඡායාරූපයක් ලබාගෙන නාසා ආයතනයේ ඇගයීමට ලක් වුණා. තමන්ගේම වාර්තාව අලුත් කරමින් මෙවර ඔහු ලබාගත් මෙම ඡායාරූපය අභ්යවකාශ ලෝලීන් අතර ලොකු කතාබහකට ලක්වෙලා තියෙනවා. අභ්යවකාශයේ සිදුවන මෙවැනි අපූරු දසුන් අපේ ඇසට හසු කර දෙන ස්මාඩිගේ නිර්මාණශීලීත්වය ඇත්තටම අගය කළ යුතුයි.

Discussion & Feedback