බටහිර ඉවුරේ පිහිටි හාවත් ගිලාඩ් නම් යුදෙව් පදිංචි ප්‍රදේශයේ සිටින පදිංචිකරුවෙකු පලස්තීන ගම්මානවලට එල්ල කරන ප්‍රහාර සාධාරණ බව පවසමින් සිදුකර ඇති ප්‍රකාශයක් මේ වන විට ලෝකයේම අවධානයට ලක්වෙලා. පසුගිය දිනවල එම ප්‍රදේශයේ ආරක්ෂක නිලධාරියෙකු මියයාමෙන් පසුව පලස්තීන ගම්මාන ඉලක්ක කරගෙන ප්‍රහාර මාලාවක් එල්ල වුණා. මේ සම්බන්ධයෙන් බීබීසී මාධ්‍යවේදීන් සිදුකළ විමසීමකදී, යුදෙව් නීතිඥයෙකු වන යෙහුදා ෂිමොන් පවසා තිබුණේ එක් යුදෙව්වෙකුගේ ජීවිතය වෙනුවෙන් පලස්තීනුවන් මිලියන ගණනක් මරා දැමුවත් එය සාධාරණ බවයි. තමන් දෙවියන් විසින් තෝරාගත් ජාතියක් බවත්, ඒ නිසා මෙම ඉඩම් තමන්ට අයිති බවත් ඔහු ඉතා අන්තවාදී ලෙස ප්‍රකාශ කර තිබෙනවා.
මෙම හාවත් ගිලාඩ් ප්‍රදේශය ජාත්‍යන්තර නීතියට අනුව නීති විරෝධී පදිංචි ප්‍රදේශයක් ලෙස සැලකෙනවා. බොහෝ යුදෙව් පදිංචිකරුවන් විශ්වාස කරන්නේ බයිබලයේ සඳහන් පරිදි මෙම ඉඩම් ඔවුන්ට දෙවියන් විසින් ලබා දුන් බවයි. එම නිසා ජාත්‍යන්තර නීති හෝ රජයේ නීති ඔවුන්ට අදාළ නැති බව ඔවුන් පවසනවා. මේ වන විට එම ප්‍රදේශයේ පදිංචිකරුවන් සහ පලස්තීනුවන් අතර ගැටුම් උග්‍ර වී ඇති අතර, පදිංචිකරුවන් පවසන්නේ තම නිවාස පලස්තීනුවන් විසින් ගිනි තබා විනාශ කරන බවයි. නමුත් පොලිසිය පවසන්නේ එම ගින්න හදිසි අනතුරක් බවයි. කෙසේ වෙතත්, මෙවැනි අන්තවාදී අදහස් දරන පිරිස් නිසා බටහිර ඉවුරේ පවතින ගැටුම් තවදුරටත් උත්සන්න වෙමින් පවතින බව පැහැදිලියි.

Discussion & Feedback