පලස්තීන බටහිර ඉවුරේ ප්‍රදේශ කිහිපයකම ඊශ්‍රායල පදිංචිකරුවන් විසින් පල්ලි දෙකක්, වාහන සහ වගා බිම් ගිනිබත් කරමින් දැඩි ප්රචණ්ඩ ක්‍රියාවල නිරත වී තිබෙනවා. කුස්රා සහ කෝර් යන ගම්මාන ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල වී ඇති අතර, පල්ලිවල බිත්තිවල ‘පළිගැනීම’ යනුවෙන් සඳහන් කරමින් වෛරී ප්‍රකාශ ලියා තැබීමටත් ඔවුන් කටයුතු කර තිබෙනවා. මීට දින කිහිපයකට පෙර තල් ගම්මානය අසලදී පලස්තීනුවන් සහ පදිංචිකරුවන් අතර ඇති වූ ගැටුමකින් දෙපාර්ශවයේම පුද්ගලයන් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමඟ මෙම ප්‍රදේශයේ උණුසුම්කාරී තත්ත්වය තවත් උග්‍ර වී ඇති බවයි වාර්තා වන්නේ.
මේ වන විට බටහිර ඉවුරේ පදිංචිකරුවන්ගේ ප්රචණ්ඩ ක්‍රියා පෙරට වඩා බෙහෙවින් ඉහළ ගොස් තිබෙනවා. ඊශ්‍රායල රජයේ ඇතැම් අන්තවාදී කණ්ඩායම්වල දිරිගැන්වීම් මත මෙම ප්‍රහාර සිදුවන බවට පලස්තීන බලධාරීන් චෝදනා කරනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ ගාසා යුද්ධය ආරම්භ වූ දා සිට බටහිර ඉවුරේ පලස්තීනුවන් දහසකට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති අතර, ඉන් සැලකිය යුතු පිරිසක් පදිංචිකරුවන්ගේ ප්‍රහාරවලට ලක්වූවන් බවයි. ජාත්‍යන්තර නීතියට අනුව මෙම ජනාවාස ඉදිකිරීම් නීති විරෝධී වුවත්, තවමත් කිසිදු විසඳුමක් නොමැතිව ප්රචණ්ඩත්වය දිනෙන් දින වර්ධනය වෙමින් පවතිනවා.

Discussion & Feedback