බටහිර ඉවුරේ ජලූඩ් ගම්මානයේ පදිංචිව සිටි අල්-තුබාසි පවුලට තමන්ගේම නිවෙස් වෙත යළි යාමට උත්සාහ කළ අවස්ථාවේදී අන්තවාදී යුදෙව් පදිංචිකරුවන් පිරිසක් එල්ල කළ ප්‍රහාරය හමුවේ ඔවුන්ට යළිත් සිය නිවෙස් අත්හැර දමා ඒමට සිදුව තිබෙනවා. අධිකරණ නියෝගයකට අනුව ඊශ්‍රායල හමුදාවේ ආරක්ෂාව මැද මෙම පවුල සිය නිවෙස් වෙත ගියත්, 150කට අධික පිරිසක් එක්ව ඔවුන්ට ගල් ප්‍රහාර එල්ල කරමින් සහ නිවෙස් ගිනිබත් කරමින් දැඩි කලහකාරී ලෙස හැසිරුණා. තමන් මරණය අභියස සිටි බවත්, යුදෙව් පදිංචිකරුවන් තමන්ව මරා දමනු ඇතැයි දැඩි බියක් දැනුණු බවත් 60 හැවිරිදි මහමුද් අල්-තුබාසි මාධ්‍ය වෙත පවසා තිබෙනවා.
මෙම ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී නිවෙස්වල තිබූ දේපළ පවා සම්පූර්ණයෙන්ම විනාශ කර දමා තිබූ බවත්, වැසිකිළි පද්ධති පවා විනාශ කර තිබූ බවත් වාර්තා වෙනවා. හමුදාව මෙම පවුල ආරක්ෂා කිරීමට උත්සාහ කළත්, පදිංචිකරුවන්ගේ ප්‍රහාර හමුවේ හමුදාවට පවා ඔවුන්ව පාලනය කර ගැනීමට නොහැකි වී තිබෙනවා. අවසානයේදී හමුදාව විසින් මෙම පවුල ආරක්ෂිතව එම ස්ථානයෙන් ඉවත් කර ගත්තද, ඔවුන්ගේ නිවෙස් සහ වාහනය පදිංචිකරුවන් විසින් ගිනිබත් කරනු ලැබුවා. මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙන්නේ ඊශ්‍රායල බලධාරීන් මෙම පදිංචිකරුවන්ගේ ප්රචණ්ඩ ක්‍රියා මැඩපැවැත්වීමට නිසි පියවර නොගන්නා බවයි. මේ සිදුවීමෙන් පසුවත් අල්-තුබාසි පවුලට තමන්ගේම නිවසේ ජීවත් වීමේ අයිතිය අහිමි වී තිබීම කනගාටුදායක තත්ත්වයක්.

Discussion & Feedback