ඊශ්‍රායලය සහ ලෙබනනය අතර සාම ගිවිසුමක් අත්සන් කර පැය කිහිපයක් ගතවෙද්දී, දකුණු ලෙබනනයේ නබාටියේ අල්-ෆව්කා ප්‍රදේශයට ඊශ්‍රායල ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මෙම ප්‍රහාරයෙන් එක් අයෙක් මියගොස් තවත් දෙදෙනෙක් තුවාල ලබා ඇති බව ලෙබනන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. තමන්ට තර්ජනයක් වූ පුද්ගලයෙකු ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල කළ බව ඊශ්‍රායල හමුදාව සඳහන් කළත්, ඔවුන් ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු හෙළි කර නැහැ. මේ අතර, ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා පවසා ඇත්තේ දකුණු ලෙබනනයේ ආරක්ෂක කලාපයේ දිගු කාලයක් රැඳී සිටීමට තම හමුදාව සූදානම් වන බවයි.
අමෙරිකාවේ මැදිහත්වීමෙන් ඇති කරගත් මෙම ගිවිසුම සම්බන්ධයෙන් හිස්බුල්ලා සංවිධානය දැඩි විරෝධයක් පළ කරනවා. හිස්බුල්ලා නායක නයිම් කාසෙම් පවසන්නේ මෙම ගිවිසුම ලෙබනනයේ ස්වෛරීභාවය පාවා දීමක් බවත්, එය තමන් කිසිසේත් පිළිගන්නේ නැති බවත්ය. ගිවිසුම යටතේ ලෙබනන හමුදාව දකුණු ප්‍රදේශයේ පාලනය භාර ගැනීමට නියමිත වුවත්, ඊශ්‍රායල හමුදා තවදුරටත් දේශසීමාවේ කිලෝමීටර් දහයක ආරක්ෂක කලාපයක රැඳී සිටීමට සැලසුම් කර තිබෙනවා. මෙම ගැටුම් හේතුවෙන් මේ වන විට ලෙබනනයේ පුද්ගලයින් 4,192කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර, මිලියන 1.2කට අධික පිරිසක් අවතැන් වී සිටිනවා. සාම ගිවිසුම අත්සන් කළද, දෙරට අතර පවතින මෙම උණුසුම් තත්ත්වය තවමත් නිමාවක් නොමැතිව ඉදිරියට යන බවක් පෙනෙන්නට තිබෙනවා.

Discussion & Feedback