සති කිහිපයකට පස්සේ දකුණු ලෙබනනයේ මන්සූරි ප්රදේශයේ ජනතාවට ඉවත් වෙන්න කියලා ඊශ්රායල හමුදාව අනතුරු ඇඟවීමක් කරලා තියෙනවා. මේ අනතුරු ඇඟවීමෙන් පස්සේ ඊශ්රායලය එල්ල කරපු ප්රහාරයකින් එක් පුද්ගලයෙක් මියගිහින් තවත් දොළොස් දෙනෙක් තුවාල ලබලා තියෙනවා. ටිබ්නින් නගරයේ සුසාන භූමියක තිබුණු යාඥා ශාලාවක වහලයට මේ ප්රහාරය එල්ල වෙලා තියෙන්නේ. හිස්බුල්ලා සංවිධානය සටන් විරාමය උල්ලංඝනය කරපු නිසා තමයි තමන් මේ පියවර ගත්තේ කියලා ඊශ්රායල හමුදාව පවසනවා. ඒ වගේම මන්සූරි ප්රදේශයේ ආපහු පදිංචි වෙන්න ආපු පිරිස් ලෙබනන් හමුදාවේ සහය ඇතුව ආරක්ෂක කලාපය තුළ ක්රියාකාරකම්වල නිරත වීමත් මේ ප්රහාරයට හේතුවක් බවයි වාර්තා වෙන්නේ.
මේ සිදුවීම් සිද්ධ වෙන්නේ රෝමයේ පැවැත්වෙන සාම සාකච්ඡා අතරතුර වීම විශේෂත්වයක්. ලෙබනන් දේශසීමාවෙන් ඊශ්රායල හමුදා ඉවත් වෙන්නත්, හිස්බුල්ලා සංවිධානය නිරායුධ වෙන්නත් කලින් එකඟතාවයක් තිබුණත්, ඒක ක්රියාත්මක කිරීමේදී ගැටලු මතුවෙලා තියෙනවා. හිස්බුල්ලා සංවිධානය මේ කොන්දේසි දැඩිව ප්රතික්ෂේප කරනවා. මේ ප්රහාර නිසා නැවතත් ප්රදේශවාසීන් බියට පත්වෙලා තියෙනවා. මීට කලින් සටන් විරාමය නිසා ගෙවල් දොරවල්වලට ආපු පවුල් ගණනාවක් ආයෙමත් ආරක්ෂිත ස්ථාන හොයාගෙන පලා යන දර්ශන දකින්න ලැබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන විදිහට තවමත් ලක්ෂ තුනකට වැඩි පිරිසක් අවතැන් වෙලා ඉන්නවා. මේ ගැටුම නිසා මේ වන විටත් විශාල ජීවිත හානියක් සිද්ධ වෙලා තියෙනවා.

Discussion & Feedback