ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගාසා තීරයේ සාමය ඇති කිරීම සඳහා ඉදිරිපත් කළ කරුණු 15කින් සමන්විත සැලැස්ම ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් නිල වශයෙන් ප්‍රතික්ෂේප කර තිබෙනවා. හමාස් සංවිධානය සම්පූර්ණයෙන්ම නිරායුධ කරන තුරු ගාසා තීරයෙන් තම හමුදා ඉවත් කර ගැනීමට කිසිදු සූදානමක් නැති බවයි නෙතන්යාහු අවධාරණය කරන්නේ. හමාස් සංවිධානය සැබෑ ලෙසම නිරායුධ විය යුතු බවත්, එය හුදෙක් කඩදාසියකට පමණක් සීමා වූ එකක් නොවිය යුතු බවත් ඔහු වැඩිදුරටත් පවසනවා. මේ අතර, හමාස් සංවිධානය පවසන්නේ ඊශ්‍රායලය සිය ආක්‍රමණ නතර කර හමුදා ඉවත් කර ගන්නේ නම් පමණක් තමන් නිරායුධ වීමට සූදානම් බවයි.
මෙම තීරණයත් සමඟ ට්‍රම්ප්ගේ සාම සැලැස්ම දැඩි අවිනිශ්චිතතාවයකට පත්ව තිබෙනවා. ඊශ්‍රායලයේ ඉදිරි මැතිවරණය සහ දේශපාලන බලපෑම් හමුවේ නෙතන්යාහු මෙවැනි දැඩි ස්ථාවරයක සිටින බවයි දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ. 2023 ඔක්තෝබර් මාසයේ ආරම්භ වූ මෙම යුද්ධය හේතුවෙන් මේ වන විට ගාසා තීරයේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අවතැන් වී ඇති අතර, මියගිය සංඛ්‍යාව 73,000 ඉක්මවා තිබෙනවා. එක්සත් ජනපද නිලධාරීන් සමඟ තවදුරටත් සාකච්ඡා පවත්වන බව පවසන නෙතන්යාහු, තම රටේ ආරක්ෂාව වෙනුවෙන් ඕනෑම තීරණයක් ගැනීමට පසුබට නොවන බවයි ප්‍රකාශ කරන්නේ. කෙසේ වෙතත්, දෙපාර්ශවයම එකඟතාවයකට පැමිණීම තවමත් සිහිනයක්ව පවතින බව පෙනෙන්නට තිබෙනවා.

Discussion & Feedback