ඊශ්‍රායල රජය විසින් මීට වසර විස්සකට පෙර වසා දැමූ බටහිර ඉවුරේ පිහිටි ‘කාදිම්’ නම් යුදෙව් ජනාවාසය, මේ වන විට නැවතත් පදිංචි කිරීම් සඳහා විවෘත කර තිබෙනවා. ඊශ්‍රායලයේ පවතින අන්තවාදී දේශපාලන රැල්ලත් සමඟ, පවුල් තිහක් පමණ ගෘහ භාණ්ඩ සහ ඉදිකිරීම් උපකරණ රැගෙන හමුදා ආරක්ෂාව මැද මෙම ප්‍රදේශයට පැමිණි බවයි වාර්තා වෙන්නේ. ජාත්‍යන්තර නීතියට අනුව මෙම ජනාවාස නීති විරෝධී වුවත්, ඊශ්‍රායල රජය විසින් මීට පෙර පනවා තිබූ තහනම ඉවත් කරමින් මෙම පියවර ගෙන තිබීම ලෝකයේම අවධානයට ලක්ව තිබෙනවා.
මෙම තීරණයත් සමඟ ජෙනින් නගරය ආසන්නයේ ජීවත් වන පලස්තීන වැසියන් දැඩි බියකින් පසුවන බවයි දැනගන්න ලැබෙන්නේ. දශක ගණනාවකට පෙර තමන් සමඟ සාමකාමීව ජීවත් වූ ජනාවාස වැසියන් නැවත පැමිණීමත් සමඟ, තමන්ගේ ඉඩම් සහ වගා බිම් අහිමි වීමේ අවදානමක් පවතින බව ප්‍රදේශයේ ගොවීන් පවසනවා. 2005 වසරේදී ඉවත් කරනු ලැබූ ජනාවාස හතරම මේ වන විට නැවත විවෘත කර ඇති අතර, 2022 වසරේ සිට ඊශ්‍රායල රජය බටහිර ඉවුර පුරා නව ජනාවාස සියයකට අධික ප්‍රමාණයකට අනුමැතිය ලබා දී තිබෙනවා. මෙම තත්ත්වය කලාපයේ පවතින අස්ථාවරත්වය තවත් උග්‍ර කරනු ඇති බවටයි දේශපාලන විචාරකයින් අනතුරු අඟවන්නේ.

Discussion & Feedback