ගාසා තීරයේදී පස් හැවිරිදි පලස්තීන දැරියක වූ හින්ද් රජාබ් සහ ඇගේ පවුලේ සාමාජිකයන් ගමන් ගත් රථයට ඊශ්‍රායල හමුදාව විසින් වෙඩි තැබූ බව එම හමුදාව ප්‍රථම වතාවට නිල වශයෙන් පිළිගෙන තිබෙනවා. 2024 වසරේ සිදු වූ මෙම සිදුවීම ලොව පුරා දැඩි කම්පනයක් ඇති කළ අතර, වෙඩි ප්‍රහාරයෙන් පසු තුවාල ලබා සිටි හින්ද් දැරිය තමන්ව බේරාගන්නා ලෙස පලස්තීන රතු අඩ සඳ සංගමයේ නිලධාරීන්ගෙන් දුරකථනය ඔස්සේ පැය ගණනාවක් පුරා අයැද සිටි ආකාරය අතිශය සංවේදී එකක් වුණා. ඇයව බේරා ගැනීමට ගිය ගිලන් රථයටත් ඊශ්‍රායල හමුදාව ප්‍රහාර එල්ල කිරීම නිසා එහි සිටි වෛද්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනෙකුද ජීවිතක්ෂයට පත් වුණා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට ඊශ්‍රායල හමුදාව අපරාධ පරීක්ෂණයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. මීට පෙර මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට සම්බන්ධයක් නොමැති බව පැවසුවද, මේ වන විට හමුදා මෙහෙයුම් සිදු වූ ප්‍රදේශයක මෙම සිදුවීම වාර්තා වී ඇති බව ඔවුන් පිළිගන්නවා. කෙසේ වෙතත්, හින්ද් රජාබ් පදනම පවසන්නේ ඊශ්‍රායල හමුදාව විසින්ම සිදුකරන මෙවැනි පරීක්ෂණ පිළිබඳව තමන්ට කිසිදු විශ්වාසයක් නොමැති බවයි. මෙම දැරියගේ ඛේදවාචකය ලෝකයේ අවධානය දිනාගත් අතර, ඇයගේ අවසන් මොහොත පිළිබඳව නිර්මාණය වූ වාර්තා චිත්‍රපටයක් පවා ඔස්කාර් සම්මාන උළෙල සඳහා නිර්දේශ වුණා. එක්සත් ජාතීන්ගේ සංවිධානයද මෙම සිදුවීම යුද අපරාධයක් ලෙස පෙන්වා දෙමින් විමර්ශන සිදු කරනවා.

Discussion & Feedback