බටහිර ඉවුරේ පිහිටි ඓතිහාසික සෙබැස්ටියා පුරාවිද්‍යා භූමිය ආශ්‍රිතව ඊශ්‍රායල බලධාරීන් සිදුකරන ක්‍රියාකලාපය මේ වන විට දැඩි කතාබහකට ලක්වෙලා තියෙනවා. පෞරාණික වටිනාකමක් ඇති මේ ප්‍රදේශය ජාතික උද්‍යානයක් ලෙස සංවර්ධනය කරන මුවාවෙන් පලස්තීන පවුල් පරම්පරා ගණනාවක් තිස්සේ වගා කළ අක්කර 450ක පමණ ඉඩම් ප්‍රමාණයක් අත්පත් කරගැනීමට ඊශ්‍රායලය කටයුතු කරමින් ඉන්නවා. මේ ඉඩම් අහිමි වීම තමන්ගේ ආත්මයම උදුරා ගැනීමක් වගේ දෙයක් බවයි දේශීය පලස්තීන ගොවීන් පවසන්නේ. ඔවුන් පවසන විදිහට මේ සැලසුම මගින් ඔවුන්ව ඔවුන්ගේම ඉඩම්වලින් සහ ඓතිහාසික උරුමයන්ගෙන් ඈත් කිරීමට ඊශ්‍රායලය උත්සාහ කරනවා.
යුනෙස්කෝ ආයතනය විසින් සෙබැස්ටියා ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කර තිබුණත්, මේ ඉඩම් අත්පත් කරගැනීමේ සැලසුම් නිසා එය මේ වන විට ‘අනතුරේ පවතින ලෝක උරුමයක්’ ලෙසත් නම් කරලා තියෙනවා. ඊශ්‍රායලය මේ සඳහා විශාල මුදලක් වෙන් කර තිබුණත්, ප්‍රදේශයේ පාලනය භාර පලස්තීන බලධාරීන් හෝ ප්‍රදේශවාසීන් සමඟ කිසිදු සාකච්ඡාවක් සිදු කර නැහැ. පුරාවිද්‍යාත්මක ස්ථාන ආරක්ෂා කිරීමේ මුවාවෙන් දේශපාලන අරමුණු ඉටු කරගැනීමට ඊශ්‍රායලය උත්සාහ කරන බවට මානව හිමිකම් ක්‍රියාකාරීන් පවා චෝදනා කරනවා. මේ ගැටුම නිසා දේශීය ජනතාවට ඔවුන්ගේ ජීවනෝපාය අහිමි වීමේ අවදානමක් මෙන්ම, ඓතිහාසික උරුමයන් මත ඇති අයිතිය අහිමි වීමේ බරපතල තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා.

Discussion & Feedback