ලෝකයේ ඉන්න සිනමා ලෝලීන්ගේ ප්රියතම සමාජ මාධ්ය වේදිකාවක් වන Letterboxd එක විකුණා දැමීමට සූදානමක් පවතින බවට මේ දිනවල ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා. ඇමරිකානු ඩොලර් මිලියන 250ක් වැනි විශාල වටිනාකමකට හිමිකම් කියන මේ වේදිකාව මිලදී ගන්න Netflix, Sony සහ Paramount වැනි දැවැන්ත සමාගම් පවා උනන්දුවක් දක්වන බවයි වාර්තා වෙන්නේ. මේ ආරංචියත් එක්කම Letterboxd භාවිතා කරන රසිකයන් අතර ලොකු නොසන්සුන්තාවක් ඇතිවෙලා තියෙනවා. මොකද මේ වගේ ආයතනික සමාගම් අතට මේ වේදිකාව පත්වුණොත්, එහි තියෙන සුවිශේෂී සහ නිදහස් සිනමා සංස්කෘතිය නැතිවෙලා යයි කියලා ඔවුන් බියක් දක්වනවා.
මේ අතරේ, ‘Intrinsic’ කියන ආයතනය මේ වේදිකාව බේරගන්න අලුත් උත්සාහයක් අරගෙන තියෙනවා. ඔවුන් උත්සාහ කරන්නේ සාමාන්ය ජනතාවගේ ආයෝජන එකතු කරලා, මේ වේදිකාවේ තියෙන සිනමාත්මක ස්වභාවය ආරක්ෂා කරමින් එය තවදුරටත් පවත්වාගෙන යන්නයි. සාමාන්යයෙන් ලොකු සමාගම් මෙවැනි වේදිකා මිලදී ගන්නේ ලාභ ලබන්න විතරක් වුණත්, Intrinsic ආයතනය කියන්නේ ඔවුන් මේක කරන්නේ සිනමා ලෝලීන්ගේ අයිතිය ආරක්ෂා කරන්න මිසක් ලාභ පරමාර්ථයෙන්ම නෙවෙයි කියලා. කොහොම වුණත්, මේ ගනුදෙනුව අවසානයේ Letterboxd එකේ අනාගතය තීරණය වෙන්නේ කොහොමද කියන එක ගැන ලෝකයම බලාගෙන ඉන්නවා.

Discussion & Feedback