විද්යා ලෝකයේ තවමත් විසඳාගත නොහැකි විශාලතම අභිරහස් දෙකක් වන අඳුරු පදාර්ථ (Dark Matter) සහ සැඟවුණු අමතර මානයන් අතර සම්බන්ධයක් තිබිය හැකි බව නවතම පර්යේෂණයකින් හෙළිවෙලා තියෙනවා. සාමාන්යයෙන් අපි දන්නා අවකාශය සහ කාලය හැරුණු විට, අපේ ඇසට නොපෙනෙන තවත් මානයන් තිබිය හැකි බව විද්යාඥයන් බොහෝ කලක සිට සැක කරනවා. මේ නව පර්යේෂණයට අනුව, අඳුරු පදාර්ථ මේ කියන පස්වන මානය සමඟ සම්බන්ධ වී ක්රියාත්මක වන නිසා තමයි ඒවා අපිට නොපෙනෙන, හොල්මනක් වගේ අමුතු ස්වභාවයක් ගන්නේ.
ෂෙෆීල්ඩ් විශ්වවිද්යාලයේ පර්යේෂකයන් පවසන විදිහට, මේ පස්වන මානය තුළ ‘අඳුරු ෆෝටෝන’ (Dark Photons) නමින් හැඳින්වෙන අංශු විශේෂයක් තිබිය හැකියි. මේවායේ ජ්යාමිතික හැඩතල නිසා අඳුරු පදාර්ථවලට ‘අනුනාදයක්’ (Resonance) ඇති වෙනවා. මෙය හරියට සංගීත භාණ්ඩයකින් නිශ්චිත ස්වරයක් නැඟෙනවා වගේ දෙයක්. විශ්වය බිහි වූ මුල් කාලයේදී මේ අනුනාදය නිසා අඳුරු පදාර්ථ ඉතා සක්රීයව පැවතුණත්, කාලයත් සමඟ ඒවා අද අප දකින අක්රීය සහ නොපෙනෙන තත්ත්වයට පත් වී ඇති බවයි පර්යේෂකයන් පෙන්වා දෙන්නේ.
මේ සොයාගැනීම මගින් අඳුරු පදාර්ථ සෙවීමේ කටයුතු වඩාත් පහසු කරවන නව මාවත් විවෘත වෙනවා. තවමත් මෙය මූලික මට්ටමේ පර්යේෂණයක් වුණත්, විශ්වයේ විශාලතම අභිරහස් දෙකක් එකවර විසඳා ගැනීමට මෙය විශාල පිටුවහලක් වේවි. අනාගතයේදී මේ පිළිබඳ තවත් බොහෝ දේ දැනගන්න ලැබෙනු ඇතැයි විද්යාඥයන් බලාපොරොත්තු වෙනවා.

Discussion & Feedback