විද්යා ලෝකයේ තවමත් විසඳාගත නොහැකි විශාලතම අභිරහස් දෙකක් වන අඳුරු පදාර්ථ (Dark Matter) සහ සැඟවුණු අමතර මානයන් අතර සම්බන්ධයක් තිබිය හැකි බව නවතම පර්යේෂණයකින් හෙළිවෙලා තියෙනවා. සාමාන්යයෙන් අපි දන්නා අවකාශයේ මානයන් තුනට සහ කාලයට අමතරව, අපේ ඇසට නොපෙනෙන තවත් මානයන් තිබිය හැකි බව විද්යාඥයන් පවසනවා. මේ පර්යේෂණයට අනුව, අඳුරු පදාර්ථ මෙතරම් අභිරහස් සහ නොපෙනෙන ස්වභාවයකින් පවතින්නේ ඒවා මේ කියන පස්වන මානය සමඟ සම්බන්ධ වී තිබීම නිසයි. ශෙෆීල්ඩ් විශ්වවිද්යාලයේ පර්යේෂක යු-ඩයි සායි පවසන පරිදි, මෙය විශ්වයේ නිර්මාණය සහ එහි ස්වභාවය තේරුම් ගැනීමට ලැබෙන විශාල අවස්ථාවක්.
මේ පර්යේෂණ කණ්ඩායම තවදුරටත් පෙන්වා දෙන්නේ ‘අඳුරු ෆෝටෝන’ (Dark Photons) නමින් හැඳින්වෙන අංශු විශේෂයක් පස්වන මානයේ පවතින බවයි. මේවායේ ඇති විශේෂ ජ්යාමිතික හැඩතල නිසා අඳුරු පදාර්ථවලට ‘අනුනාදයක්’ (Resonance) ඇති වෙනවා. මෙය හරියට සංගීත භාණ්ඩයකින් නිශ්චිත නාදයක් පිටවෙනවා වගේ දෙයක්. මේ අනුනාදය නිසා විශ්වය බිහි වූ මුල් කාලයේදී අඳුරු පදාර්ථ ඉතා ශක්තිමත්ව ක්රියාත්මක වුවත්, අද වන විට ඒවා කිසිවක් සමඟ නොගැටෙන, හොල්මනක් වැනි නිහඬ ස්වභාවයකට පත්වී තිබෙනවා. මේ සොයාගැනීම මගින් අඳුරු පදාර්ථ සොයාගැනීමේ අභියෝගාත්මක ගමනට නව මාවතක් විවෘත වී ඇති අතර, විද්යාඥයන් මේ පිළිබඳව ඉතා උනන්දුවෙන් පසුවනවා.

Discussion & Feedback