විද්යා ලෝකයේ තවමත් විසඳාගත නොහැකි විශාලතම අභිරහස් දෙකක් වන අඳුරු පදාර්ථ (Dark Matter) සහ සැඟවුණු අමතර මානයන් අතර සම්බන්ධයක් තිබිය හැකි බව නවතම පර්යේෂණයකින් හෙළිවෙලා තියෙනවා. සාමාන්යයෙන් අපි දන්නා අවකාශය සහ කාලය හැරුණු විට, අපේ ඇසට නොපෙනෙන තවත් මානයන් තිබිය හැකි බව විද්යාඥයන් බොහෝ කලක සිට සැක කරනවා. මේ පර්යේෂණයට අනුව, අඳුරු පදාර්ථ මේ කියන පස්වන මානය සමඟ සම්බන්ධ වී ක්රියාත්මක වන නිසා තමයි ඒවා අපට නොපෙනෙන, හොල්මනක් වගේ අමුතු ස්වභාවයක් ගන්නේ.
ෂෙෆීල්ඩ් විශ්වවිද්යාලයේ පර්යේෂකයන් පවසන විදිහට, මේ පස්වන මානය තුළ ‘අඳුරු ෆෝටෝන’ (Dark Photons) නමින් හැඳින්වෙන අංශු විශේෂයක් තිබෙනවා. මේවායේ ජ්යාමිතික හැඩතල නිසා අඳුරු පදාර්ථවලට විශේෂිත වූ ‘අනුනාදයක්’ (Resonance) ඇති වෙනවා. සරලව කිව්වොත්, සංගීත භාණ්ඩයකින් යම් ස්වරයක් නිකුත් වෙද්දී ඇතිවන කම්පනය වගේ දෙයක් මේ අඳුරු පදාර්ථවලත් සිදුවෙනවා. මේ අනුනාදය නිසා විශ්වයේ ආරම්භයේදී අඳුරු පදාර්ථ ඉතා ශක්තිමත්ව ක්රියාත්මක වුණත්, කාලයත් සමඟ ඒවා අද අපට හඳුනාගන්න බැරි තරම් නිහඬ සහ අක්රිය තත්ත්වයකට පත්වෙලා තියෙනවා.
මේ සොයාගැනීම මගින් අඳුරු පදාර්ථ සෙවීමේ කටයුතු වඩාත් පහසු කරවන නව ඉලක්ක විද්යාඥයන්ට ලැබී තිබෙනවා. තවමත් මේවා මූලික මට්ටමේ න්යායන් වුණත්, විශ්වයේ සැඟවුණු රහස් රැසක් හෙළි කරගන්න මේ පර්යේෂණය විශාල පිටුවහලක් වේවි කියලා තමයි විද්යාඥයන් විශ්වාස කරන්නේ.

Discussion & Feedback