ගාසා තීරයේ සිදුවන අමානුෂික ජීවිත හානි සහ පවතින දරුණු මානුෂීය අර්බුදය හේතුවෙන්, 2027 වසරේ පැවැත්වෙන යුරෝවිෂන් ගීත තරගාවලියට සහභාගී නොවන බව අයර්ලන්තයේ RTÉ මාධ්ය ආයතනය නිල වශයෙන් ප්රකාශ කර තිබෙනවා. එමෙන්ම, ඔවුන් මෙම තරගාවලිය විකාශය නොකිරීමටත් තීරණය කර ඇති අතර, මෙය අඛණ්ඩව දෙවන වසරටත් ඔවුන් ගත් තීරණයක්. ඊශ්රායලයේ සහභාගීත්වය සම්බන්ධයෙන් පවතින විරෝධය සහ ජාත්යන්තර මාධ්යවේදීන්ට ගාසා තීරයට ඇතුළු වීමට අවස්ථාවක් නොලැබීම වැනි කරුණු මෙම තීරණයට ප්රධාන වශයෙන් බලපා ඇති බවයි වාර්තා වෙන්නේ.
මීට පෙර නෙදර්ලන්තයේ AVROTROS ආයතනයද මෙවැනිම තීරණයක් ගනිමින් තරගාවලියෙන් ඉවත් වීමට කටයුතු කළා. යුරෝවිෂන් බලධාරීන් පවසන්නේ අයර්ලන්තයේ මෙම තීරණය ගැන කණගාටු වන නමුත්, ඔවුන්ගේ ස්ථාවරයට ගරු කරන බවයි. 2027 වසරේ තරගාවලිය බල්ගේරියාවේ බර්ගාස් නුවරදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. කෙසේ වෙතත්, 2026 වසරේ තරගාවලියේදී ඊශ්රායලය දෙවන ස්ථානය දිනා ගැනීමත් සමඟම, ඔවුන්ගේ සහභාගීත්වය සම්බන්ධයෙන් විවිධ රටවල් අතර මතභේද පවතින බව පැහැදිලියි. ඉදිරියේදී අයර්ලන්තය නැවතත් තරගාවලියට එක් කර ගැනීමට බලාපොරොත්තු වන බව සංවිධායකයින් සඳහන් කළත්, පවතින තත්ත්වය හමුවේ එය කෙතරම් දුරට සාර්ථක වේවිද යන්න ගැටලුවක්.

Discussion & Feedback