එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි අල්-මින්හාඩ් ගුවන් කඳවුර ඉලක්ක කරගෙන ඉරාන හමුදාව විසින් දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කරලා තියෙනවා. ඉරාන මාධ්‍ය වාර්තා කරන විදියට, අලුයම කාලයේදී ඩ්‍රෝන යානා දුසිම් ගණනක් යොදාගෙන මේ ප්‍රහාරය දියත් කරලා තියෙන්නේ ඇමරිකානු හමුදා සහ හෙලිකොප්ටර් යානා රඳවා තිබූ ස්ථාන ඉලක්ක කරගෙනයි. මීට පෙර ඉරානයේ ලාරක් දූපතට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකින් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ සාමාජිකයන් සහ සිවිල් වැසියන් පිරිසක් මියයාමට පළිගැනීමක් විදියට මේ ප්‍රහාරය සිදු කළ බවයි ඉරාන හමුදාව පවසන්නේ.
මේ අතර, ජෝර්දානයේ පිහිටි ඇමරිකානු කඳවුරු කිහිපයකටත් තමන් පහර දුන් බව ඉරාන විදේශ අමාත්‍යාංශය තහවුරු කරලා තියෙනවා. ලාරක් දූපතට එල්ල කළ ප්‍රහාරය සඳහා සහාය ලබා දුන්නේ සහ එම ප්‍රහාරය දියත් කළේ ජෝර්දානයේ තිබෙන එම කඳවුරු හරහා බවයි ඔවුන් චෝදනා කරන්නේ. ඉදිරියේදීත් මෙවැනි හමුදා ආක්‍රමණ සිදුවුවහොත් ඊට වඩා දැඩි ලෙස ප්‍රතිචාර දක්වන බවත්, කලාපයේ උණුසුම් තත්ත්වය තවත් උත්සන්න වුවහොත් එහි සම්පූර්ණ වගකීම ඇමරිකාව සහ ඔවුන්ට සහාය දෙන පාර්ශ්වයන් විසින් භාරගත යුතු බවත් ඉරානය අවධාරණය කරනවා. මේ සිදුවීම් මාලාවත් එක්ක මැදපෙරදිග කලාපයේ යුදමය වාතාවරණය තවත් බරපතළ අතකට හැරෙමින් පවතින බවයි ජාත්‍යන්තර දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ.

Discussion & Feedback