ඉරානයේ ප්‍රධානතම තෙල් අපනයන මධ්‍යස්ථානයක් වන කාර්ග් දූපත අසල නැංගුරම් ලා තිබූ ඉරාන තෙල් නැවකට ඇමරිකානු මිසයිල හතරක් එල්ල වී ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. ඉරානයේ තස්නිම් පුවත් සේවය සඳහන් කරන විදිහට මේ ප්‍රහාරය සිදුවෙලා තියෙන්නේ පසුගිය සෙනසුරාදා දිනයේදීයි. වාසනාවකට වගේ මේ ප්‍රහාරයෙන් කිසිදු ජීවිත හානියක් සිදුවෙලා නැහැ කියලයි ආරංචි මාර්ග පවසන්නේ. මේ වෙද්දී නැවේ සිටි කාර්ය මණ්ඩලය ආරක්ෂිතව ඉවත් කරගැනීමේ කටයුතු සිදුවෙමින් පවතිනවා.
මේ සිදුවීම සම්බන්ධයෙන් ඉරාන බලධාරීන් හෝ ඇමරිකානු මධ්‍යම විධානය මෙතෙක් නිල වශයෙන් කිසිදු ප්‍රකාශයක් කරලා නැහැ. කාර්ග් දූපත කියන්නේ ඉරානයේ ආර්ථිකයට ඉතාමත් වැදගත් තැනක්. රටේ බොරතෙල් අපනයනයෙන් 90%ක්ම සිදුවෙන්නේ මේ දූපත හරහායි. ඒ වගේම ලෝකයේ තෙල් නිෂ්පාදනය කරන රටවල් අතරින් ඉරානය තුන්වැනි තැන ඉන්න රටක් නිසා මේ සිදුවීම ජාත්‍යන්තර තෙල් වෙළඳපොළටත් ලොකු බලපෑමක් ඇති කරන්න පුළුවන්. ඉදිරියේදී මේ ගැන තවත් තොරතුරු දැනගන්න ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

Discussion & Feedback