ලෝකයේ තෙල් සහ ගෑස් සැපයුමෙන් පහෙන් එකක් පමණ ගමන් කරන හොර්මුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සඳහා ඉරානය ඉදිරිපත් කළ යෝජනාව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඉරානය මේ වන විට දැඩි ආර්ථික පීඩනයකට ලක්ව සිටින බව පවසන ට්‍රම්ප්, තමන් එම සමුද්‍ර සන්ධිය මත පූර්ණ පාලනයක් රඳවාගෙන සිටින බවයි සඳහන් කරන්නේ. කෙසේ වෙතත්, ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසන්නේ ට්‍රම්ප්ගේ ප්‍රකාශයන් නිතරම පරස්පර විරෝධී බවත්, නිල වශයෙන් ලැබෙන ප්‍රතිචාරයක් මත ඉදිරි තීරණ ගන්නා බවත්ය. මෙම ගැටුම අවසන් කළ හැක්කේ සාකච්ඡා මාර්ගයෙන් පමණක් බවයි ඔහු අවධාරණය කරන්නේ.
මේ අතර, ඉරාන ජනාධිපති මසුද් පෙෂෙෂ්කියන් පවසන්නේ දෙරට අතර පවතින අවිශ්වාසය දුරු කර ගැනීම සාර්ථක සාකච්ඡා සඳහා අත්‍යවශ්‍ය බවයි. ඇමෙරිකාව ඉරාන රජය පෙරළා දැමීමට උත්සාහ නොකරන බවට සහතිකයක් ලබා දිය යුතු බවත් ඔහු පෙන්වා දෙනවා. මේ වන විට ඕමානය මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කරමින් දෙපාර්ශවයම සාකච්ඡා මේසයට ගෙන ඒමට උත්සාහ කළත්, ඇමෙරිකාව පවසන්නේ ඉරානය ඉදිරිපත් කර ඇත්තේ මවාපෑම් සහ අර්ධ ක්‍රියාමාර්ග පමණක් බවයි. ඇමෙරිකාව විසින් ක්‍රියාත්මක කරන ‘Operation Economic Outcast’ නම් ආර්ථික අවහිරතා හේතුවෙන් ඉරානයේ ගුවන් ගමන් සහ බැංකු ගනුදෙනු පවා මේ වන විට සීමා වී තිබෙනවා. කෙසේ වෙතත්, මෙම ගැටුම කෙසේ විසඳේවිද යන්න තවමත් අවිනිශ්චිතයි.

Discussion & Feedback