හොර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරමින් තිබූ සෞදි අරාබියට අයත් ‘සිදර්’ නම් දැවැන්ත තෙල් නැවකට එල්ල වූ ප්‍රහාරයකින් එහි සේවය කළ පිලිපීන ජාතික නාවිකයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා. සෞදි ජාතික නෞකා සමාගම වන ‘බහ්රි’ විසින් මේ බව තහවුරු කර තිබෙන අතර, මෙම සිදුවීම සඳුදා රාත්‍රියේ සිදුවී ඇති බවයි වාර්තා වෙන්නේ. එම අවස්ථාවේදීම දකුණු කොරියාවට අයත් තවත් තෙල් නැවකටත් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. සෞදි අරාබිය මෙම ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකින අතර, මෙය ඉරානය විසින් සිදුකළ ක්‍රියාවක් බවයි ඔවුන් පවසන්නේ.
මේ අතර, ඉරානය පවසන්නේ මෙම නෞකා දෙක නීති විරෝධී මාර්ගයක ගමන් කිරීමේදී බිම් බෝම්බවල ගැටීමෙන් ගිනිගෙන ඇති බවයි. කෙසේ වෙතත්, මේ වන විට ඇමරිකාව සහ ඉරානය අතර පවතින ගැටුම්කාරී වාතාවරණය නිසා හොර්මුස් සමුද්‍ර සන්ධිය හරහා සිදු කෙරෙන නාවික ගමනාගමනයට විශාල තර්ජනයක් එල්ල වී තිබෙනවා. ඇමරිකානු ගුවන් ප්‍රහාරවලින් ඉරානයේ විශාල පිරිසක් මියගොස් ඇති බවත්, දෙපාර්ශවයම එකිනෙකාට චෝදනා කරගන්නා බවත් දැකගන්න පුළුවන්. ලෝකයේ තෙල් සැපයුමට ඉතා වැදගත් වන මෙම කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් මේ වන විට ජාත්‍යන්තර ප්‍රජාව දැඩි අවධානයකින් පසුවනවා.

Discussion & Feedback