මේ දවස්වල මැදපෙරදිග කලාපයේ තත්ත්වය හරිම උණුසුම් වෙලා තියෙන්නේ. ඇමරිකානු හමුදාවට තමන්ගේ රටේ පහසුකම් ලබා දෙන හෝ උදව් කරන ඕනෑම ගල්ෆ් කලාපීය රටක්, ඇමරිකාව කරන යුද්ධයට කෙලින්ම හවුල් වෙනවා හා සමානයි කියලා ඉරානය තදින්ම අනතුරු අඟවලා තියෙනවා. ඉරාන සන්නද්ධ හමුදාවේ මාණ්ඩලික ප්රධානී මේජර් ජෙනරාල් අලි අබ්දුල්ලාහි මේ ගැන විශේෂ ප්රකාශයක් කරමින් කිව්වේ, කලාපයේ තියෙන ඇමරිකානු හමුදා කඳවුරු සහ විශේෂයෙන්ම ඉන්ධන පිරවීමේ ගුවන් යානා ගැන තමන් ඉතාම අවදියෙන් ඉන්නවා කියලයි.
තමන්ගේ රටවල් ඇමරිකාවට ඉඩ දෙන්නේ නැහැ කියලා සමහර රටවල් ප්රකාශ කළත්, ඇත්තටම සිද්ධ වෙන්නේ මොකක්ද කියලා තමන් හොඳින්ම දන්නවා කියලා ඔහු වැඩිදුරටත් සඳහන් කළා. සත්කාරක රටවල දැනුම නැතුව මේ වගේ විශාල හමුදා මෙහෙයුම් සිද්ධ වෙන්න බැහැ කියන එක තමයි ඉරානයේ ස්ථාවරය. ඒ නිසා ඇමරිකානු හමුදාවට උදව් කරන ඕනෑම රටක් ඉරානය දකින්නේ ආක්රමණික පාර්ශ්වයේම කොටස්කරුවෙක් විදිහටයි. මේ තත්ත්වය නිසා ඉදිරියේදී ගල්ෆ් කලාපයේ දේශපාලන සහ ආරක්ෂක වාතාවරණය තවත් සංකීර්ණ වෙන්න පුළුවන් බවයි විචාරකයෝ නම් කියන්නේ.

Discussion & Feedback