ඉරානය සමඟ පවතින යුද්ධය හේතුවෙන් ඇමරිකානු හමුදාව සතු අවි ආයුධ සහ පතොරම් තොග විශාල වශයෙන් අඩුවෙමින් පවතින බව පෙන්ටගනයේ ස්වාධීන පරීක්ෂකවරයා නිකුත් කළ නවතම වාර්තාවකින් අනාවරණය වෙනවා. පෙබරවාරි මාසයේ සිට ජුනි මාසය දක්වා කාලය තුළ පමණක් ඇමරිකාව අවි ආයුධ සඳහා ඩොලර් බිලියන 22කට වඩා වියදම් කර ඇති අතර, මේ නිසා යුද උපකරණ සැපයුම් දාමයේ බරපතල ගැටලු සහ හිඟයක් නිර්මාණය වී තිබෙනවා. විශේෂයෙන්ම පැට්‍රියට් මිසයිල වැනි ආරක්ෂක පද්ධතිවල පවතින තොග අඩකින් පමණ අඩු වී ඇති බවයි වාර්තා වෙන්නේ.
කෙසේ වෙතත්, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ධවල මන්දිරය මෙම වාර්තා තරයේ ප්‍රතික්ෂේප කරනවා. ඇමරිකාව සතු අවි ගබඩාවන් සීමාවක් නොමැති තරම් විශාල බවත්, මේවා අසත්‍ය ප්‍රචාර බවත් ට්‍රම්ප් පවසනවා. යුද්ධය සඳහා මේ වන විට ඩොලර් බිලියන 38කට ආසන්න මුදලක් වැය වී ඇති අතර, ගුවන් යානා සහ ඩ්‍රෝන යානා ඇතුළු වටිනා යුද උපකරණ රැසක්ම විනාශ වී තිබෙනවා. ඇමරිකානු ජනතාව අතර මෙම යුද්ධය එතරම් ජනප්‍රිය නැති පසුබිමක, අවි හිඟය පිළිබඳ මෙම මතභේදය දේශපාලනික වශයෙන් ලොකු කතාබහකට ලක්වෙලා තියෙනවා.

Discussion & Feedback