ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් මේ දිනවල ලෝක දේශපාලනය උණුසුම් කරමින් ප්‍රකාශ කරලා තියෙනවා, ඉරානයට එරෙහිව මෙතෙක් ඉතිහාසයේ දියත් කරපු දැවැන්තම ආර්ථික ප්‍රහාරය එල්ල කරන්න ඔවුන් සූදානම් කියලා. ඇමරිකාව සහ ඊශ්‍රායලය ඉරානය සමඟ පවතින යුද්ධය දැන් අවසාන අදියරට ඇවිත් තියෙන බවත්, ඉරානය සමඟ ආර්ථික ගනුදෙනු කරන ඕනෑම රටක් ලෝකයෙන් හුදකලා කරන බවත් ඔහු අනතුරු අඟවනවා. මේක හරියටම ආර්ථික ක්ෂේත්රයේ ‘ඩී-ඩේ’ (D-Day) එකක් වගේ තීරණාත්මක එකක් වෙයි කියලයි ඔහු කියන්නේ. ටෙහෙරාන් පාලනය තනි කරන තුරු ඔවුන්ගේ සියලුම ආර්ථික මාර්ග කපා හරින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.
මේ තර්ජනවලට ප්‍රතිචාර දක්වමින් ඉරානය පවසන්නේ යුද්ධය දිගටම පැවතුනොත් කලාපයේ සියලුම තෙල් අපනයන නවත්වන බවයි. ඒ වගේම හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා අවසරයකින් තොරව නෞකා ගමන් කිරීම තහනම් කරන බවටත් ඔවුන් අනතුරු අඟවලා තියෙනවා. ලෝකයේ තෙල් සහ ගෑස් සැපයුමෙන් පහෙන් එකක් විතර ගමන් කරන්නේ මේ මාර්ගයෙන්. දැනටමත් ඇමරිකාව ඉරානයට දැඩි සම්බාධක පනවා තිබුණත්, මේ අලුත්ම තර්ජනයත් එක්ක ඉදිරියේදී ලෝක ආර්ථිකයට සහ තෙල් මිලට විශාල බලපෑමක් වෙයි කියලා තමයි විචාරකයෝ කියන්නේ. ඇමරිකාව මේ ගැන වැඩිදුර විස්තර සඳුදා පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කරන්න නියමිතයි.

Discussion & Feedback