Invincible කතා මාලාව කිව්වම අපිට මුලින්ම මතක් වෙන්නේ මාර්ක් ග්රේසන්ව. කොමික් පොත්වල වගේම ඇනිමේටඩ් සීරීස් එකෙත් මුළු කතාවම ගෙතුණේ මාර්ක්ගේ වීර චාරිකාව වටා. හැබැයි දැන් මේ ජනප්රිය කතා මාලාව අලුත් මගකට යන්න සූදානම් වෙනවා. ඒ අනුව, Free League සමාගම විසින් නිකුත් කරපු අලුත්ම ‘Invincible Superhero Roleplaying’ ක්රීඩාව හරහා මාර්ක් ග්රේසන්ව ප්රධාන චරිතයෙන් ඉවත් කරලා, ක්රීඩකයන්ට තමන් කැමති විදිහේ වීරයෙක්ව නිර්මාණය කරගන්න අවස්ථාව ලබා දීලා තියෙනවා.
මේ ක්රීඩාව ඇතුළේ ඔයාලට පුළුවන් වේගයෙන් දුවන අය, නව නිපැයුම්කරුවන් හෝ පිටසක්වල ජීවීන් වගේ තමන්ට ඕනම විදිහේ සුපිරි වීරයෙක්ව හදාගන්න. මේ වීරයන්ටත් මාර්ක්ට වගේම විවිධ අභියෝග, පෞද්ගලික ප්රශ්න සහ ලෝකය බේරගන්න තියෙන වගකීම්වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ ක්රීඩාවට ලැබෙන ප්රතිචාර හරිම ඉහළයි. Kickstarter හරහා මුදල් එකතු කිරීමේදී විනාඩි 30ක් වගේ කෙටි කාලයකින් ඉලක්කය සම්පූර්ණ කරගන්න මේ ක්රීඩාවට පුළුවන් වුණා. ඇත්තටම කිව්වොත්, මේක Invincible ලෝකයට ආදරේ කරන අයට තමන්ගේම කතාවක් ලියන්න ලැබෙන සුපිරි අවස්ථාවක්.
මේ වෙනසත් එක්ක මාර්ක් ග්රේසන්ගේ කතාව තවදුරටත් සීමා වෙන්නේ නැහැ. ක්රීඩකයන්ට තමන්ගේම ලෝකයක් හදාගෙන ඒක ඇතුළේ වීරයෙක් වෙන්න පුළුවන්කම ලැබෙන නිසා මේක ගොඩක් දෙනෙක් අතර ජනප්රිය වෙලා තියෙනවා. ඉතින් ඔයාලත් Invincible ලෝකයට ආස නම්, මේ අලුත් අත්දැකීම අනිවාර්යයෙන්ම විඳලා බලන්න පුළුවන්.

Discussion & Feedback