ප්‍රසිද්ධ ගායිකා සහ නිළි සෙලීනා ගෝමස් සහ ඇගේ මව විසින් ආරම්භ කරපු ‘වොන්ඩර්මයින්ඩ්’ (Wondermind) කියන මානසික සෞඛ්‍ය ආයතනයට එරෙහිව මේ දවස්වල ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා. මේ ආයතනයට ඇමරිකානු ඩොලර් මිලියන 1.2කට වඩා ආයෝජනය කරපු පිරිසක් තමයි සෙලීනා ඇතුළු පිරිසට එරෙහිව නඩු පවරලා තියෙන්නේ. ඔවුන් චෝදනා කරන්නේ සෙලීනා මේ ආයතනය ප්‍රවර්ධනය කරනවා කියලා පොරොන්දු වුණත්, ඇය ඒ කිසිම දෙයක් හරියට කරලා නැහැ කියලා. ඒ වගේම ආයතනයේ මූල්‍ය තත්ත්වය ගැන ආයෝජකයන්ව නොමඟ යවපු බවත් ඔවුන් පවසනවා.
2021 අවුරුද්දේ ආරම්භ කරපු මේ ව්‍යාපෘතිය හරහා මානසික සෞඛ්‍ය සම්පත් ලබා දෙනවා කියලා කිව්වත්, ඇත්තටම ඒ කිසිම දෙයක් සිද්ධ වෙලා නැහැ කියලයි පැමිණිලිකරුවන් කියන්නේ. ආයතනය ඇතුළේ දේවල් කඩා වැටෙමින් තිබුණත්, ඒ ගැන කිසිම දෙයක් ආයෝජකයන්ට දැනුම් දීලා නැහැ. ඇත්තටම වෙලා තියෙන්නේ පොරොන්දු වුණ කිසිම වැඩක් සිද්ධ වෙලා නැති එක සහ ඇප් එක පවා හරියට නිර්මාණය කරලා නැති එකයි. මේ නිසා ආයෝජකයන් තමන් ආයෝජනය කරපු මුදල් සහ නීතිමය වියදම් ආපහු ලබාගන්න බලාපොරොත්තුවෙන් තමයි මේ නඩු පවරලා තියෙන්නේ. මේ සිද්ධිය ගැන වොන්ඩර්මයින්ඩ් ආයතනය තවමත් කිසිම ප්‍රතිචාරයක් දක්වලා නැහැ.

Discussion & Feedback