ලෝකයේ ප්‍රථම වරට ෆියුෂන් බලශක්ති තාක්ෂණය සම්බන්ධ සමාගමක් ලෙස ‘ජෙනරල් ෆියුෂන්’ (General Fusion) ආයතනය නාස්ඩාක් (Nasdaq) කොටස් වෙළඳපොළේ ගනුදෙනු ආරම්භ කර තිබෙනවා. මෙම පියවරත් සමඟ ආයෝජකයින් විශාල පිරිසක් මේ සඳහා උනන්දුවක් දැක්වූ අතර, වෙළඳාම ආරම්භ වූ මොහොතේ සිටම සමාගමේ කොටස් වටිනාකම 40%කින් ඉහළ යාම විශේෂත්වයක්. ස්ප්‍රින් වැලි ඇක්විසිෂන් කෝපරේෂන් සමඟ ඒකාබද්ධ වීමෙන් පසු, සමාගම මේ වන විට ඩොලර් මිලියන 150ක පමණ මුදල් සංචිතයක් සතු කරගෙන සිටිනවා. මීට පෙර මූල්‍ය අර්බුද සහ සේවක කප්පාදුවලට පවා මුහුණ දුන් මෙම සමාගම, මේ වන විට නැවතත් ශක්තිමත් ගමනක් ආරම්භ කර තිබෙනවා.
2002 වසරේදී ආරම්භ කළ ජෙනරල් ෆියුෂන් ආයතනය, චුම්බක ක්ෂේත්‍ර භාවිතයෙන් ප්ලාස්මා නිර්මාණය කර බලශක්තිය නිපදවන නවීන තාක්ෂණයක් අත්හදා බලනවා. ඔවුන්ගේ ඉලක්කය වන්නේ 2035 වසර වන විට ලොව ප්‍රථම ෆියුෂන් බලාගාරය ක්‍රියාත්මක කිරීමයි. මූල්‍ය ගැටලු හේතුවෙන් මීට පෙර මෙම ව්‍යාපෘතිවල ප්‍රගතිය මදක් ප්‍රමාද වුවත්, මේ වන විට ලැබී ඇති ආයෝජන සමඟ ඔවුන් යළිත් බලාපොරොත්තු සහගතව ඉදිරියට යනවා. ෆියුෂන් බලශක්තිය යනු අනාගත ලෝකයේ බලශක්ති අවශ්‍යතා සපුරාලීමට ඇති ප්‍රධානතම විසඳුමක් ලෙස සැලකෙන නිසා, මෙම සමාගමේ ගමන ලෝක බලශක්ති ක්ෂේත්රයේ විශාල පෙරළියක් සිදු කරනු ඇතැයි විචාරකයින් විශ්වාස කරනවා.

Discussion & Feedback